Pages

Subscribe:

Ads 468x60px

කාන්තාවෝ දෙදෙනෙක්‌ ඇමැතිට පෙර පීත්ත පටිය කපති


කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ඊයේ (17 වැනිදා) සවස සුබ මොහොතින් විවෘත කළ අවස්‌ථාවේ එම උත්සවයට කඩා වැදුණු කාන්තාවන් දෙදෙනකු මහා මාර්ග ඇමැතිවරයාට පෙර පීත්තපටිය කපා දැමීම නිසා එම උත්සව භූමියේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

මේ හයිවේ එක හැදුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා. මහින්ද මහත්තයට ජයවේවා යෑයි කියමින් මෙම කාන්තාවන් දෙදෙනා හටපු ජනාධිපති

වරයාගේ විශාල ඡායාරූපයක්‌ද ප්‍රදර්ශනය කරමින් ඝෝෂා නඟන්නට වූහ. සාමය කඩවන අයුරින් හැසිරෙමින් සිටි කාන්තාවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව කාන්තාවන් දෙදෙනා විසින් කපා දැමූ පීත්තපටිය නැවත ගැටගසා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු ආරාධිතයන් විසින් අධිවේගී මාර්ගය නීත්‍යනුකූල අන්දමින් විවෘත කරන ලදී. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මහර ප්‍රදේශයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාන්තා බල මණ්‌ඩලයක නිලයන් දරන අය බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා උත්සව අවස්‌ථාවට යොමු කර මේ ආකාරයට හැසිරවීමට කිසියම් පිරිසක්‌ උපදෙස්‌ දී ඇති බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව සොයා බලා ගෙන යයි.

කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය සඳහා කල්වේලා ඇතිව පැමිණ ඇති මෙම කාන්තාවන් දෙදෙනා සුබ මොහොත පැමිණෙන තුරු නිසොල්මන්ව සිට පසුව සඟවාගෙන ආ කතුරකින් පීත්තපටිය කපා දමා ඇති බව පොලිසිය පවසයි. සැකකාර කාන්තාවන් දෙදෙනා කඩවත පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.



0 comments:

Post a Comment