Pages

Subscribe:

Ads 468x60px

ලංකාවේ පොලිසිය ආබාධිත පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන ඡායාරූප මෙන්න...


කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අද (23) යතුරු පැදියකින් ගමන්කල ආබාධිත පුද්ගලයෙකුට අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී තිබෙනවා.

එක් පාදයක් අහිමිව තිබෙන පුද්ගලයාට  යතුරු පැදිය නවතන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනකු නගර ආසන්නයේදී දැනුම් දී ඇති අතර

ඔහු  සංඥා නොතකා යතුරුපැදිය ධාවනය කල බවයි පැවසෙන්නේ.

ප්‍රධාන වීදියේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අල්ලාගත් අතර පැළදසිටි බොරු කකුලද ඒ අවස්ථාවේ ගැලවී ගොස් ඇතැයි පැවසෙනවා. ඔහු ද පදික වේදිකාවේ ඇදවැටී ඇති අතර එක් පොලිස් නිලධාරියකු ඔහුව අමානුෂික අන්දමින් පහරදී ඇති බවට දැක්වෙන ඡායාරූප මේ වන විට නිකුත්ව තිබෙනවා.

දරුණු ගණයේ අපරාධකරුවෙකුට මෙන් ඔහුට පහරදීම නින්දිත බවයි රැස්ව සිටි පුද්ගලයන් සඳහන් කළේ. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත මෙම පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

0 comments:

Post a Comment