Pages

Subscribe:

Ads 468x60px

පාසලෙන් චෝදනා ලැබූ 11 හැවිරිදි සිසුවා එල්ලී මියයයි.


පාසලේ විදුලි ස්‌වීචයක්‌ කැඩුවැයි ගුරුවරුන්ගෙන් චෝදනා ලැබූ බව කියන දරුවකු ලිපියක්‌ ලියා තබා ඊයේ (19 වැනිදා) ගෙල වැලලාගෙන මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ නුවරඑළිය සාන්තිපුර නව ජනපදයේ පදිංචිව සිටි ආර්. එම්. ශානුක කල්හාර නමැති 11 හැවිරිදි සිසුවකු බව නුවරඑළිය මූලස්‌ථාන පොලිසිය පවසයි.

පාසලේ විදුලි ස්‌විචය කැඩීමට චෝදනා ලැබූ මෙම දරුවාට සිය මව සමග අද (20) දිනයේදී පාසලට පැමිණෙන ලෙස ගුරුවරුන් විසින් දන්වා

ඇතැයි පැවසේ. නුවරඑළිය මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සේනක ජයසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්ව අතර දරුවා විසින් ලියා තිබෙන ලිපියේ සඳහන් කර ඇත්තේ පාසලේ විදුලි ස්‌විචයට අලාභහානි කිරීමට තමන්ගේ සම්බන්ධයක්‌ නොමැති බව යෑයි පොලිස්‌ ආරංචිමාර්ග සඳහන් කරයි.

0 comments:

Post a Comment