Pages

Subscribe:

Ads 468x60px

සේයා ඝාතන නඩුවෙන් කොණ්ඩයා නිදහස්


කොටදෙණියාව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා අද (19) නිදහස් කෙරුණා.

ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමක් අනුව මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණ ලබාදුන්  නියෝගයකින්.

සේයා ඝාතනයට අදාළව කොණ්ඩයා අත්අඩංගුවට ගැණුනේ ගම්පහ ප‍්‍රදේශයේදීයි. පසුව ඔහු විසින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව

හමුවේ පාපොච්චාරණයක්ද කළා.

කෙසේවෙතත් ඔහුගේ ඩි එන් ඒ සේයා දැරියගේ සිරුරෙන් හමුවූ ජෛව සාම්පල සමග ගැලපුණේ නැහැ.

මෙම ඝාතනයට සැකපිට කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නැමැත්තාද අත්අඩංගුවට ගැණුනා.

කෙසේවෙතත් වෙනත් නඩු දෙකක් සම්බන්ධයෙන් කොණ්ඩයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒවායින් එක් නඩුවක් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේද අනෙක් නඩුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේද විභාග කෙරෙන ඒවායි.

ඒ අනුව හෙට දිනයේදී අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයටද අනිද්දා දිනයේදී ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයටද කොණ්ඩයා ඉදිරිපත් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

මේ අතර සේයා ඝාතන නඩුව සම්බන්ධයෙන් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් ලබන මස 2 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහුගෙන් ලබාගත් ඩි එන් ඒ සාම්පල සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් හමු වූ ජෛව සාම්පල සමග ගැලපෙන බවයි මීට පෙර අනාවරණ වුණේ.

ඒ අනුව සමන් ජයලත්ට එරෙහිව නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යනු ඇති.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 33 හැවිරිදි එක්දරු පියෙකුද මීට පෙර අත්අඩංගුවට ගැණුනා.

කෙසේවෙතත් ඔවුන්ගේ ඩී එන් ඒ සාම්පල සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් හමු වු ජෛව සාම්පල සමග ගැලපුණේ නැහැ.

ඒ අනුව ඔවුන් දෙදෙනාද නඩුවෙන් නිදහස් කෙරුණා.

0 comments:

Post a Comment