Pages

Subscribe:

Ads 468x60px

සේයාගේ පියාව රැකියාවෙන් දොට්ට (VIDEO)


කොටදෙණියාවේ පස් හැවිරිදි සේයා සඳෙව්මි ගේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය මගින් විටින් විට විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යෑම ගේතුවෙන් මේ වන විට සේයාගේ පියාට රැකියාව අහිමි වී තිබෙනවා.

එනම් ඔහු සේවය කළ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් ඔහුව ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර සේයාගේ පියා කැඳවා ඒ පිළිබඳව ඔහුට එම
සමාගමේ බලධාරීන් විසින් දන්වා සේවයෙන් පහ කර ඇත.

හිටි හැටියේ සිය දියණියගේ ජීවිතය අහිමිවීමත් නොසිතූ මොහොතක රැකියාව අහිමිවීමත් නිසා සේයාගේ පියා දැඩි කණස්සල්ලෙන් පසුවෙන බවයි සඳහන් වෙන්නේ.

එපමණක් නොව සේයාගේ ඝාතනය විවිධ පාර්ශ්ව මගින් අත්භූත සිද්ධීන් සමග සැසැඳීම නිසා සිය පවුලේ සාමාජිකයන්ට පවා නිදහසේ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ද මතුව තිබෙන බවයි පියා පවසන්නේ.

0 comments:

Post a Comment