Pages

Subscribe:

Ads 468x60px

කොණ්ඩයා සැඟව සිටි ගමට යන පාරවල් විනාශ කරලා (VIDEO)


රටම ආන්දෝළනයකට තුඩු දුන් කොටදෙණියාවේ පස් හැවිරිදි සේයා සඳෙව්මි දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි පැවසුන කොණ්ඩයා සැඟව සිටි ගම හෙවත් ඔහුගේ වැඩිමහල් සහෝදරිය පදිංචිව සිටි ඉංගම්මාරුව නම් ගමේ මේ වන විට ඇති වී තිබෙන්නේ දැඩි අවධානම් තත්ත්වයක්.

එනම් අකරංගහ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් ඉංගම්මාරුවේ ජීවත්වන ජනතාවට ගමෙන් පිට වීමට නොහැකි වන සේ ගමේ සියලු පාරවල්
අවහිර වෙන ලෙස බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විශාල ප්‍රමාණයේ අගල් කපා තිබෙනවා. මෙම බැකෝ යන්ත්‍ර සහ මෙම විශාල ප්‍රමාණයේ අගල් පිළිබඳව ඉංගම්මාරුවේ ජනතාව පොලිමීය දැනුවත් කර තිබුණත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ඉංගම්මාරුවේ ජනතාව පවසන්නේ.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප‍්‍රධාන සැකකරුවා වන කොණ්ඩයාගේ සොහොයුරු සමන් ජයලත්ගේ නිවස පිහිටා තිබෙන්නේද ගම්පහ ඉංගම්මාරුව නම් මෙම ප්‍රදේශයේයි.

ඉංගම්මාරුවේ පවුල් 200 ක් පමණ මේ වන විට ජීවත් වන අතර ඊයේ (18) රාත්‍රියේ මෙම ගම්මානයේ ගෙවල් ගිනි තැබීමට සංවිධානාත්මක පිරිසක් රැකවලා හිඳ තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ රාත්‍රිය පහන් වන තුරු ගමේ ජනතාව නිදි වර්ජිතව හිඳ ගම ආරක්ෂා කර ගැනීමට සිදු වුණා.

මෙම තත්ත්වය මතුපිටින් පෙනෙන්නට ඇත්තේ සේයා සම්බන්ධ සිද්ධියක් වුවත් එහි සැඟවුණු අරමුණ එය නොවන බවයි ගමේ ජනතාව පවසන්නේ. එනම් ඉංගම්මාරුව ප්‍රදේශයේ ඉතා ගුණාත්මක මැටි පවතින මෙයින් සංවිධානාත්මක කල්ලියක් මෙම මැටි කර්මාන්තය අත්පත් කර ගැනීමේ අරමුණින් සිදු කරන ක්‍රියාවලියක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

0 comments:

Post a Comment