Pages

Subscribe:

Ads 468x60px

සේයා ඝාතනයට ඇල්ලූ අහිංසකයෝ නිදහස්‌

රුධිර ගැලපීමක්‌ නෑ
ඩීඑන්ඒ වාර්තාවෙන් හෙළි වේ
ඊයේම උසාවි ගෙන්වා මුදාහරී


කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ පදිංචිව සිටි පස්‌ හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්‌ දරු පියා එම නඩුවෙන් නිදහස්‌ කර මුදාහරින ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ඊයේ (01 වැනිදා) නියම කළේය.

සේයා දැරියගේ නිවස ආසන්නයේ පදිංචිකරුවන් වන 17 හැවිරිදි පාසල් සිසුවා සහ කැලුම් අත්තනායක නමැති එක්‌ දරු පියා මෙසේ නිදහස්‌ කර මුදාහැරුණි. එම නඩුව අද (02 දා) කැඳවීමට නියමිතව තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි මහතා මෝසමක්‌ ඉදිරිපත් කරමින් විවෘත අධිකරණයේ ඊයේ නඩුව කැඳවන ලෙසට

ඉල්ලීමක්‌ කරන ලදී, ඒ අනුව එම නඩුව කැඳවූ අවස්‌ථාවේ සැකකරුවන් සම්බන්ධව සිදු කළ ඩී. එන්. ඒ. වාර්තාවේ ප්‍රගතිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අධිකරණයෙන් විමසා සිටියේය. 

සේයා දැරියගේ ජාන සහ සැකකරුවන්ගේ ලේ අතර කිසිදු ගැලපීමක්‌ නොමැති බවට සිදු කළ ඩී. එන්. ඒ. පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බවට ජින්ටෙක්‌ ආයතනය මගින් ලිඛිතව දන්වා ඇතැයි මහෙස්‌ත්‍රාත්වරයා පැවැසීය.

ඩී. එන්. ඒ. වාර්තාව අනුව සහ සිදු කළ පරීක්‍ෂණවලදී සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අවශ්‍ය නොවන හෙයින් ඔවුන් නඩුවෙන් නිදහස්‌ කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළේය. 


එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සිසුවා සහ අනෙක්‌ සැකකරු ඊයේම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් ඊයේ දහවල් මිනුවන් ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාව එම නඩුවෙන් නිදහස්‌ කර මුදාහැරීය.

සැකකාර පාසල් ශිෂ්‍යයා වෙනුවෙන් නිමල් රණසිංහ, තරංග වීරසිංහ, සමන් කිරිඇල්ල, පාලිත සේනාධීර යන නීතිවේදීහු ද එක්‌ දරු පියා වෙනුවෙන් නීතිඥ සරණ කරුණාරත්න මහතා ද පෙනී සිටියහ. 


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවිඳු විමලසිරි සහ උප පොලිස්‌ පරීක්‍ෂක පොල්වත්ත යන මහත්වරුන් සමඟ කොටදෙණියාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුජිත් උදය කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.

0 comments:

Post a Comment