Pages

Subscribe:

Ads 468x60px

ඊයේ Facebook බිඳවැටුනේ ඇයි?


ජනප්‍රියතාවයෙන් ලොව දෙවැනි ස්ථානය ගන්නා, ශ්‍රී ලංකාව තුළ ද ඉතා බොහෝ සෙයින් භාවිතයට ලක් වන Facebook සමාජජාල වෙබ් අඩවිය ඊයේ (24) සවස ලොව පුරාම හදිසි බිඳවැටීමකට ලක් විය.

සාමාන්‍ය වෙබ් අඩවි පිවිසුමෙහි පමණක් නොව Facebook සමාගම විසින් හඳුන්වා දී තිබෙන ජංගම දුරකතන මෘදුකාංග ආදී සෑම පිවිසුමකටම අදාල වන පරිදි මෙම බිඳවැටීම සිදුවිය.

මෙහි දී ලොව වටා සිටින මිලියන ගණනක් වූ Facebook සාමාජිකයින්ට තම ගිණුම්වලට හෝ කිසිදු Facebook පිටුවකට පිවිසිය නොහැකි

තත්ත්වයක් උදා වූ අතර එක් එක් රටවල්වලට වෙනස් වූ කාල සීමාවන් තුල මෙය බලපෑවේ ය.

කෙසේ වෙතත් මෙම බිඳවැටීම සමස්ථ Facebook ජාලයට බලපෑ කාලය පැය දෙකකට අධික බවයි පැවසෙන්නේ.

සිදුවූ අපහසුතාව පිළිබඳව Facebook සමාගම තම කණගාටුව පළකොට ඇති අතර වසර 4කට පසු Facebook ජාලයේ සිදුවුණු දරුණුතම බිඳ වැටීම මෙය බවයි ඔවුන් සඳහන් කොට ඇත්තේ.

නමුත් සිදුවූයේ කුමක් දැයි තවමත් Facebook සමාගම විසින් නිෂ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කොට නැති අතර තාක්ෂණික හේතුවක් නිසා මෙය සිදු වූ බවත් මෙය හැකර් ප්‍රහාරයක් නොවන නිසා ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු පිළිබඳ බිය වීමට කාරණාවක් නොමැති බවටත් Facebook සමාගම අවධාරණය කර ඇත.

මෙම බිඳවැටීම සිදු වූ අවස්ථාවේ දී Facebook අතුරු මුහුණත දර්ශණය වූයේ පහත ආකාරයෙනි.


0 comments:

Post a Comment