Pages

Subscribe:

Ads 468x60px

පියා ඉදිරියේ දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව (PHOTOS)



දිනෙන් දින අදහාගත නොහැකි පුවත් වාර්තාවන ශ්‍රී ලංකාවේ මීට දින කිහිපයකට ඉහත දී අසන්නට ලැබෙන්නේ තවත් අදහාගත නොහැකි පුවතකි. පිටකොටුව දුම්රිය ස්ථානයෙන් පසුගිය දා වාර්තා වූ මෙම සිදුවීම ද ඉතා සංවේදී එකකි.

යම් ස්ථානයක කලබගෑනියක් සිදු වූ විට දී ඒ පිළිබඳ සොයා බැලීමට හෝ යමෙක් කරදරයට පත් වී ඇත්නම් ඒ සඳහා උදව්වක් කිරීමට හෝ සිදු

වූයේ කුමක් ද යන්න සොයා බැලීමට මිනිසා දක්වන්නේ නොමද උනන්දුවකි. 

මේ එවන් සිදුවීමකි.

රූමත් තරුණියක දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඇයට නොසිතූ ලෙස මෙලො ව හැර යාමට සිදු විය. එය දැක බලා ගැනීමට අදාල ස්ථානයට විශාල ජන ගඟක් ඇදුනහ. ඒ අතර දුම්රිය තුළ සිටි පුද්ලයෙක් ද ඒ ස්ථානයට පැමිණියේ  අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කව්රුන් ද යන්න දැක බලා ගැනීමට ය.

ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. උගුර කට වේලී ගොස් දුටු දේ අදහා ගැනීමට නොහැකි ව ඔහු නැවත වරක් ඒ සිටින්නේ ඇයම දැයි සැක හැර දැන ගැනීම‍ට තවත් වරක් බැලුවේ ය. එවර ද ඔහු නිවැරදි ය. ඒ මරණයට පත් ව සිටියේ අන් කිසිවෙකු නොවේ. තම එක ම දියණියයි.

රාගම ඇටකොරස පාර, 362/C නිවසේ පදිංචි ව සිටි ශෙරීන් ලොරේටා නමැති 25 හැවිරිදි එම පවුලේ එක ම දියණිය වූ රූමත් තරුණියක් එලෙස මරණයට පත් විය.

ඇය සේවය නිමවා නැවත නිවසට පැමිණෙන විට දී ඇය නොසිතූ ලෙස මෙලොව හැර යාමට සිදු විය. මව්පියන්ගේ දෙපා නැමද ඉකුත් 21 වැනි දා එදින පෙරවරුවේ නිවසින් පිට ව ගියේ නැවත නොඑන්නට යැයි ඇය හෝ දෙමව්පියන් ද සිහිනෙන්වත් සිතුවේ නැත.

ඇයගේ ඡායාරූප පහතින් නරඹන්න.



0 comments:

Post a Comment