Pages

Subscribe:

Ads 468x60px

සැකකරු දැරියගේ නිවසට ගෙන එනවාලු - සේයාගේ ගේ ළඟ දහස්‌ ගණනක්‌ රොක්‌වෙති


සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු සඳහා කොටදෙනියාව බඩල්ගම අකරංගහ පිහිටි එම දැරියගේ නිවසට පොලිසිය විසින් රැගෙන එනු ඇතැයි බලාපොරාත්තු
වෙන් ප්‍රදේශවාසීහු දහසකට අධික පිරිසක්‌ ඊයේ (24 දා) පෙරවරුවේ සිට හවස්‌වනතුරුත් එම නිවස අසල රැඳී සිටියහ.

එම පිරිස ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කළද එම ජනතාව යළි යළිත් එම ස්‌ථානයට රොක්‌ වූහ. දිවුලපිටිය, කටාන, කොටදෙනියාව සහ මීගමුව පොලිස්‌ ස්‌ථානවල නිලධාරීහු විශාල පිරිසක්‌ ද නිවස අසල රැඳී සිටියහ.

මෙහි ප්‍රධාන සැකකරු බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී 23 දා අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහුගේ සහෝදරයකුද 23 දා අත්අඩංගුවට ගැනුණි.


සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් අහිංසක පාසල් සිසුවාගෙන් පැමිණිල්ලක්‌ ලැබුණොත් වහා පරීක්‍ෂණ කරනවා
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්‌


කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පාසල් ශිෂ්‍යයාගෙන් පැමිණිල්ලක්‌ ලැබුණහොත් කඩිනම් පරීක්‍ෂණයක්‌ සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්‌ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඊයේ (24 වැනිදා) පැවැසීය. මෙම සිද්ධිය දෙස බැලීමේදී එම සිසුවාගේ ළමා අයිතිවාසිකම් හා මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට පෙනී යන බවද ඒ මහතා සඳහන් කළේය.

යම් අපරාධයක්‌ සිදුවූ විගස කිසිදු සොයා බැලීමක්‌ හෝ විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැතිව සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්‌ථාවකදී මාධ්‍ය මගින් හෝ වෙනත් අයුරින් ඔහුගේ ප්‍රතිරූපයට හානියක්‌ නොකර විමර්ශන සිදුකිරීම පොලිසියේ වගකීමක්‌ බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්‍ෂා කරන බවට ජාත්‍යන්තරය හමුවේ පිළිගෙන තිබෙන බවත් එවැනි තත්ත්වයක්‌ හමුවේ පොලිසිය සිදුකළ මෙම ක්‍රියාව රටට අහිතකර ලෙස බලපෑමක්‌ ඇති කළ හැකි බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කර සිටියේය.

0 comments:

Post a Comment