Pages

Subscribe:

Ads 468x60px

තාජුඩීන්ගේ ඝාතනෙේ ගැන සමීප තරුණිය කගෙන් ප්‍රශ්න කිරීමට යයි.


අභිරහස් ලෙස ඝාතනයට ලක්වී තිබූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය තාජුඩීන් සමඟ සමීප හිතවත්කමක් පැවැත්වූ තරුණියකගෙන් ළඟදීම ප්‍රශ්න
කිරීමට නියමිතව තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ඇය රහස් පොලිසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට තාජුඩීන් ඝාතනයට ලක් කර ඇත්තේ ප්‍රභූ දේශපාලනඥයකුගේ පුතකු විසින් සිදුකිරීමට ගිය ක්‍රීඩාංගණයක් සම්බන්ධ ගනුදෙනුවකට විරුද්ධත්වය ප්‍රකාශ කළ නිසාද යන සැකයද ඇතිවී තිබේ.

ඒ සම්බන්ධවද රහස් පොලිසිය අවධානය යොමු කර පරීක්ෂණ පවත්වාගෙන යයි.


0 comments:

Post a Comment