Pages

Subscribe:

Ads 468x60px

31 දා රාත්‍රියේදී දිස්වුණේ මැරුණු වල්ගා තරුවක්...


හැලෝවීන් රාත්‍රියේදී (31) පෘථිවියට කිලෝමීටර් හාර ලක්ෂ අසූහයදාහක දුරින් දර්ශනය වූ අභ්‍යවකාශ වස්තුව “ඇස්ටරොයිඩයක්” නොව මියගිය වල්ගා තරුවක් බවට සනාථ වී තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සම ‍ලේකම් තාරකා ජීව විද්‍යා ගවේශක කීර්ති වික්‍රමරත්න මහතා පැවැසීය.

නාසා ආයතනයට අනුබද්ධ හවායි පිහිටි අධෝරක්ත දුරේක්ෂ පර්යේෂණ ආයතනය සහ පෘථිවිය  අසල වූ අභ්‍යවකාශ වස්තුන් නිරීක්ෂණ වැඩ

සටහන මගින් ඒ පිළිබඳ නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙම අභ්‍යවකාශ වස්තුව ග්‍රහකයක් (ඇස්ටරොයිඩයක්) ද නැතහොත් වල්ගා තරුවක්ද යන්න තාරකා විද්‍යාඥයින් අතර නිශ්චිත තත්ත්වයක් නොමැති බවට ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය මගින් පෙන්වා දුන්නේය.


“2015 WT145 ලෙස නම් කෙරුන “හැලෝවීන් ඇස්ටරොයිඩය” ඉකුත් 30 හා 31 යන දෙදින තුළ “පුවටෝරිකෝ” අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් හවායි හි පිහිටි අධෝරක්ත දුරේක්ෂ මධ්‍යස්ථානයේත් අති ප්‍රබල දුරේක්ෂ මගින් නිරීක්ෂණය වී ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා පැහැදිලි කළේය.


මෙම මියගිය වල්ගා තරුව ඔවුනට “මිනිස් හිස් කබලක්” ලෙස දිස් වී තිබෙන අතර එය අතිශයින් බියකරු බවක් ගෙන දුන් මොහොතක් ලෙසද නිරීක්ෂකයින් ප්‍රකාශ කර ඇති බව වික්‍රමරත්න මහතා කීවේය. 


මෙම වල්ගා තරුවේ න්‍යෂ්ටිය වටා ඇති පදාර්ථමය කොටස නොමැති වීම නිසා මෙය මියගිය වල්ලා තරුවක් බවටද තහවුරු කර ගැනීම නිරීක්ෂකයින්ට පහසු වී ඇති බවද හෙතෙම පැවැසීය.

එමෙන්ම සූර්යයාගේ සිට නිකුත් කරන හිරු කිරණ පරාවර්තනය වීමේ ප්‍රතිශතය 6ක් වීම නිසා මෙය ස්ථිර වශයෙන්ම මියගිය වල්ගා තරුවක් බව ඇරිසෝනා අභ්‍යවකාශ පර්යේෂණ නිලධාරී විශ්ණු රෙඩී මහතා ප්‍රකාශ කර ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා කියයි.


සාමාන්‍ය වල්ගා තරුවක එම අලෝක පරාවර්තනය 3 සිට 5 ක ප්‍රතිශතයක් ගන්නා බවත් නැවත මෙවැනි අඩි 2000 ට වඩා විශාල ඇස්ටරොයිඩයක් පෘථිවිය අසලින් ගමන් ගන්නේ 2027 වර්ෂයේදී බවද තාරකා විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇති බවද වික්‍රමරත්න මහතා පැවැසීය.


විශ්වයේ මෙවැනි ස්වාභාවික දුර්ලභ සිද්ධීන් නිරීක්ෂණය කිරීමට ඒ ඒ රටවල්වල විද්‍යා තාක්ෂණ පහසුකම් තිබෙනවා. මෙවැනි සිදුවීම් අපටත් නිරීක්ෂණය කිරීමට විද්‍යා තාක්ෂණ පහසුකම් තිබෙනවානම් ඉතා වැදගත්. මම යෝජනාවක් ලෙස ගෙන එනවා අපේ රටේ මේ පිළිබඳව උනන්දුවක් ඇති විද්වතුන්ටත්, ළමයින්ට වගේම පාසල් සිසුන්ට යම් දැනුමක් ලබාදීමට නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කියලා. 


මේ වගේ විරල අවස්ථාවක් දැකලා ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට අපේ රටේ විශාල පිරිසක් සිටිනවා. නමුත් අවාසනාවට අපිට විද්‍යා තාක්ෂණ පහසුකම් නැහැ. මේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවානම් ඊට ‍පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශය සුදුසුම තැන කියලා මා විශ්වාස කරනවා.



0 comments:

Post a Comment