Pages

Subscribe:

Ads 468x60px

මල්ලීගෙන් තොරතුරු ලබාගෙන යාලූවෙක් ඇමකට දමා එස් එෆ් ලොක්කා ඇල්ලු හැටි


අනුරාධපුර සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ඉරොන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ඊයේ රාත්‍රී හලාවත ප්‍රදේශයේදී අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ සියුම් ලෙස යොදාගත් උපායකට අනුව බව දැන් හෙළිවී ඇත.

සිද්ධියෙන් පසු සතියක පමණ කාලයක් ඔහු අතුරුදන්ව සිටි අතර ඔහු විටෙක නොච්චියාගම ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසකත් තවත් විටෙක ඔහුගේ සහෝදරයා වන අසිත පදිංචිව සිටින වත්තල මහබාගේ ප්‍රදේශයේ නිවසේත් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇත. 


මෙම තොතුරු ඔස්සේ ඉව ඇල්ලු පොලිසිය එම ප්‍රදේශවලට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණ අතරවාරයේ ආරංචිවී ඇත්තේ
එස්එෆ් ලොක්කා සහ සහෝදරයා එක්වී රටින් පැනයාමට සූදානම් වන බවයි. ඝාතනයෙන් පසු දිගින් දිගටම ඔහු සබඳතා පවත්වා තිබුනේ සහෝදරයා සමග පමණි.

වත්තල ප්‍රදේශයේ ගුවන් ටිකට්පත් අලෙවි කරන ස්ථානයකට ගොස් ටිකට් පත් වෙන්කරගන්නටත් ඔවුන් වරෙක උත්සාහ කර තිබුණි.
මොහුත් මොහුගේ සහෝදරයාත් විදේශගතවීමට සූනම්ව සිටින නිසා විදෙස්ගතවීම තහනම් කොට අධිකරණ වාරණයක් ලබාගන්නට පොලිසිය කටයුතු කළේ ඒ නිසාය.


එස්.එෆ්. ලොක්කාගේ සහෝදර අසිතට සහාය දක්වමින් අනුරාධපුර නව නගරයේ හෝටල් ව්‍යාපාරිකයකු එස්එෆ් ලොක්කා සගවාගෙන සිටීමට වැරවෑයමක නිරතව තිබුණ අතර මෙම හෝටල් හිමියා ඝාතන සිද්ධියටද සහාය පළකරමින් සැකකරුවන් ප්‍රවාහනය කිරීමට ලොරි රථයක් ලබාදුන් කෙනාය.


චන්දන හේමකුමාර අමරසිංහ නමැති මොහුට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු කිහිපයක් විභාගවන බවද පැවසුණා. පොලිසිය අසිත සහ චන්දන සබඳතා පවත්වන අයට ලබාදුන් දුරකථන ඇමතුම් ඔස්සේ චන්දනව අනුරාධපුරයේදී අල්ලාගත් අතර ඒ ඔස්සේ එස්එෆ් ලොක්කාගේ සොයුරා ඉන්නා තැන ඔහුගෙන් විමසා ලබාගෙන තිබුනි.


පසුව අසිත නමැති එස්එෆ් ලොක්කාගේ සොයුරා තංගල්ල ප්‍රදේශයේදී කොටුකරගත්තේ අසිතගේ බිරියගේ නිවසේ ඔහු රැඳී සිටි අතරවාරයේය.
එස්.එෆ් ලොක්කා නමැත්තාගේ සහෝදරයා වන අසිත රණසිංහ හඳුන්වන්නේ පොඩි මල්ලී යන නමිනි. අවුරුදු 25ක් වයසැති මොහු වත්තල මහබාගේ ප්‍රදේශයේ කඩයක් පවත්වාගෙන ගිය අයෙකි.


පෙරේදා සවස (31දා) තංගල්ල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව ප්‍රශ්න කිරීමේදී සොයුරා වන ප්‍රධාන සැකකරු එස්එෆ් ලොක්කා ගැන ඔහුගෙන් තොරතුරු හෙළි විය. එම අවස්ථාවේ එස්එෆ් ලොක්කා හලාවත ප්‍රදේශයේ නිවසක සැඟව සිටි බවට පොලිසියට ඒ අනුව සොයාගන්නට හැකිවිය.


එස් එෆ් ලොක්කාගේ සොයුරාගෙන් මේ කාලයේ අයියා සම්බන්ධකම් පවත්වන හොඳම යාළුවන් ගැන විස්තර ලබාගත් පොලිසිය එම තොරතුරු ලැබිමෙන් පසු පොලිසිය විසින් ඔහුගේ මිතුරකු යොදවා දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ තමා
ජාඇල ප්‍රදේශයේ සිටින බවය. අනතුරුව එම යහළුවා හමුවීමට ඔහු හලාවතට පැමිණෙන බව පවසා තිබේ.


මෝටර් රථයකින් මිතුරා මුණගැසෙන්නට එස්එෆ් ලොක්කා හලාවතට එද්දී පොලිසියට කොටුවූයේ ඒ අයුරිනි. වාහනය වටකරගත් පොලිසිය දුටු එස්එෆ් ලොක්කාට පළායාමට අවස්ථාවක් ලැබී නැත.


පොලිස් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු ඊයේ (1 වැනිදා) රාත්‍රිය වන විට අනුරාධපුර පොලිස් ස්ථානයට රැගෙන විත් තිබුණි. එස් එෆ් ලොක්කා අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.


එස්එෆ් ලොක්කා සැගව සිටි ස්ථාන වලට රැකවරණය ලබාදුන් බවට අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 43 න් හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ සීදූව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකද පොලිස් අත්අඩංගුවට පත්ව තිඛෙන අතර ඔවුන්වද අද අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

0 comments:

Post a Comment