Pages

Subscribe:

Ads 468x60px

රුසියානු යානය කඩා වැටීම ISIS වැඩක්ලු – ISIS විසින් කඩා වැටෙන අයුරු වීඩියෝ කරලා


පසුගිය දින මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට  ISIS  සටන්කාමීන් පවසයි.

ඒ බව සනාථ කරමින්  ඔවුව් විසින් අදාළ ගුවන් යානය  කඩා වැටෙනවා යැයි සැලකෙන වීඩියෝ පටයක් මේ වන විට  අන්තර්ජාලයට  නිකතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව පවසන්නේ
අදාළ ගුවන් යානය කාර්මික දෝශයක් හේතුවෙන් කඩා  වැටී ඇති බවයි.

ISIS  සටන්කාමීන්  විසින් ප්‍රහාරයක් එල්ල කර රුසියානු ගුවන් කඩා වැටෙනා ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.



ISIS විසින් රුසියානු ගුවන් යානය විනාශ කළායැයි කියන වීඩියෝවක් මුදාහරී

පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින් ඊජිප්තුවේ සිනායි පළාතේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක්වූ රුසියාවට අයත් KGL9268 දරණ මගී ගුවන් යානයට ප්‍රහාරය එල්ල කළ බවට වූ වීඩියෝ සාක්ෂියක් ලබා දෙමින් ISIS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක් කර තිබෙනවා.

IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව රුසියාව සිදුකරන ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ සිය ගණන් මුස්ලිම්වරු ජීවිතක්ෂයට පත්වන බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊජිප්තුවේ සිනායි පළාතේ සිටින ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් නිවේදනයක්ද නිකුත් කරමින් පවසා තිබුණා.

සෙනසුරාදා අලුයම ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානයේ සුන්බුන් ඇති ස්ථාන වෙත ඊයේ (31) වනවිට ළඟාවීමට ආරක්ෂක අංශ සමත් වී තිබුණි.

එයාර්බස් A321 මාදිලියේ මෙම යානයේ සුන්බුන් ආශ්‍රිතව මළ සිරුරු රැසක් හමුවී ඇති අතර, ආසන බඳ පටිද සමග මියගොස් සිටින මගීන් දැකගත හැකි බව සිද්ධිය වූ ස්ථානයේ පසුවන ආරක්ෂක අංශ පවසනවා. මේ වනවිට යානයේ කළු පෙට්ටි දෙකම හමුවී ඇති නිසා එහි වැඩිදුර පරීක්ෂණ කඩිනම් කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ වනවිට මළසිරුරු 130 කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර ඇති අතර, කිසිවෙකුත් ජීවතුන් අතර සිටිනු ඇති බව විශ්වාස කළ නොහැකි බවද කියැවෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානය ගමන් කළ මගීන් 217න් 214ක් රුසියානුවන් බවද, සෙසු තිදෙනා යුක්රේන ජාතිකයන් බවද පැවසෙයි. මේ අතර, කාන්තාවන් 138ක්, පිරිමි 62ක්, කුඩා දරුවන් 17ක් සිට තිබෙනවා.

මෙම යානය ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවර දක්වා පියාසර කරමින් තිබියදී අනතුරට ලක්ව තිබුණු අතර, ඊයේ (31දා) කයිරෝ වේලාවෙන් අලුයම 5.51ට යානය ගුවන්ගත වී විනාඩි 23කින් එය රේඩාර් තිරයෙන් අතුරුදන් වී තිබුණා. යානය ගමන් කර ඇත්තේ අඩි 31.000 පමණ උසකින් නිසා ඊට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම ගැනද මේ වන විට මතභේද මතුවී තිබෙනවා.


1 2 3 4 5 PICTURE WILL STEWART Aleksei Gromov and his wife Tatiana PICTURE WILL STEWART 8  

0 comments:

Post a Comment