Pages

Subscribe:

Ads 468x60px

පඩි වැඩිකරන කෙටුම්පතක් අද පාර්ලි මේන්තුවට


පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීම සහ අවම වැටුප රුපියල් දස දහසක් ලෙස නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරෙනවා.

එ් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින්. පෞද්ගලික අංශයේ සේවකයන්ට අවම

වැටුපක් පනතක් මගින් පනවනු ලබන ප‍්‍රථම අවස්ථාවද මෙය වනවා.

මෙවැනි පනතක් ඉදිරිපත් කරන්නැයි කාලයක් තිස්සේ වෘත්තීය සමිති ඉල්ලීම් ඉදිරිපත් කළා. අදාළ කෙටුම්පත් සකස් කෙරුණේද වෘත්තීය සමිතිවලින් අදහස් ලබා ගනිමින්. සේවා යෝජකයන්ගෙන්ද ඊට අදහස් ලබාගත් බව අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කියා සිටියා.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් දස දහසේ අවම වැටුප සහ රුපියල් 2500ක වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මස සිට කි‍්‍රයාත්මක විය යුතු වනවා.

එ් අනුව හිඟ වැටුප්ද නියමිත පරිදි ගෙවිය යුතුයි. වැටුප සමග අර්ථසාධක අරමුදල් පාරිතෝෂිත ගෙවීම් සහ අතිකාල දීමනාද වැඩිවනු ඇති.

0 comments:

Post a Comment