Pages

Subscribe:

Ads 468x60px

අලවි මවුලානා දිවියෙන් සමු ගනී - අවසන් කටයුතු අද

අභාවප‍්‍රාප්ත අලෙවි මවුලානා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) සිදු කෙරෙනවා.

එ් පස්වරු 3.30 ට දෙහිවල ප‍්‍රදේශයේදීයි. කෙටි කලක් රෝගීව සිටි අලෙවි මවුලානා මහතා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වුණා.

අලෙවි මවුලානා මහතා උපත ලැබුවේ 1932 වසරේ ජනවාරි මස පළමුවැනිදායි. 1956 වසරේදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා කලක් කම්කරු අමාත්‍ය ධුරයේද කටයුතු කළ අයෙක්. බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා වූ අලෙවි

මවුලානා මහතා කෙටි කලක් සබරගමුව වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

කම්කරු නායකයෙකු ලෙසද අලෙවි මවුලානා මහතා කැපී පෙනෙන මෙහෙවරක් සිදු කළ බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

අලෙවි මවුලානා අභාවප්‍රාප්ත වෙයි

2016-06-15 19:43:40

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වුණේ අද (15) පස්වරුවේදීයි.

මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවුණා.

0 comments:

Post a Comment