Pages

Subscribe:

Ads 468x60px

ලොව හොඳම නළුවා වූ ජගත්ට රු. ලක්‍ෂ 50 ක නිවසක්‌

ඇමරිකාවේ "නිව්යෝර්ක්‌ සිටි" ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක්‌ ගෙනා රංගන ශිල්පී ජගත් චමිල මහතාට ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි රුපියල් ලක්‍ෂ 50 ක්‌ වටිනා නව නිවසක්‌ ලබාදීමට තීරණය කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ජගත් චමිල මහතාට දැනුම් දුන්නේ පසුගියදා අමාත්‍යාංශයේදී එ මහතා හමුවූ අවස්‌ථාවේදීය.

මේ අනුව "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" යටතේ ක්‍රියාත්මක වන ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ ජගත් චමිල මහතාට මෙම අංගසම්පූර්ණ නව නිවස ලබාදීමට නියමිතය.


 
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ අලුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයේ බිම් මහලින් මෙම නව නිවස ජගත් චමිල මහතාට ලබාදෙන ලෙස විමල් වීරවංශ ඇමැතිවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස්‌ දෙන ලදී. 

මෙම නව නිවසට අදාළ හිමිකම් පත්‍රය විමල් වීරවංශ ඇමැතිවරයා විසින් මේ මස 11 වැනිදා ජගත් චමිල මහතා වෙත භාරදීමට නියමිතය. "නිව්යෝර්ක්‌ සිටි" ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා රටවල් 40 කින් චිත්‍රපට 135 ක්‌ සහ කෙටි චිත්‍රපට 10 ක්‌ ඉදිරිපත් කර තිබිණි. 

මේ අතරින් කැනඩාවේ ඩොමිනික්‌ පසෙල්, ඇමරිකාවේ එඩ්වඩ් ෆ්ලෝන්ස්‌, ඩෙන්මාර්කයේ සෙබස්‌තියන් ෙ-සන්, කියුබාවේ ඕමාර් ෆෙන්කෝ සහ ශ්‍රී ලංකාවේ ජගත් චමිල නිර්දේශ වී තිබුණු අතර පසුගිය 20 වැනිදා පැවැති සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානය ශ්‍රී ලංකාවේ ජගත් චමිල මහතාට ප්‍රදානය කෙරිණ.

ජගත් චමිල මහතාට හොඳම නළුවා සම්මානය හිමි වුණේ කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා විසින් ඉංගී්‍රසි භාෂාවෙන් ලියන ලද ප්‍රියංකර විතානාරච්චි මහතා අධ්‍යක්‍ෂණය කරන ලද සැමීගේ කතාව සිනමා පටයටයි.

රටට කීර්තියක්‌ ලබාදුන් සෑම ක්‍ෂේත්‍රයක්‌ම නියෝජනය කරන විශාල පිරිසකට ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ නිවාස ලබාදීමට හැකිවූ බවත් ඉදිරියේදීත් "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරන බවත් පවසන විමල් වීරවංශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විවිධ අංශවලින් විශිෂ්ට දස්‌කම් දැක්‌වූ අයට මෙන්ම අන්ත අසරණ දිළිඳු පවුල් වෙනුවෙන් ද මේ ආකාරයෙන් නිවාස ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. 


ශ්‍රී ලංකාවට ගෙනා කීර්තියට තමා සුබපතන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා ජගත් චමිල මහතාට සුබ පතමින් ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment