Pages

Subscribe:

Ads 468x60px

එළිෆන්ට් හවුස් සෑම සතියකම දින කිහිපයක් සමාගම වසා දැමීමට යයි

එළිෆන්ට්හවුස් සමාගම මතුවෙමින් පවතින සේවක අරගල රැල්ලට විසඳුම් ලබානොදී, පාඩු ලබන බව පවසා සෑම සතියකම දින කිහිපයක් සමාගම වසා දැමීමට යයි. මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය සහ පාලනාධිකාරිය විසින් තෝරා ගන්නා ඕනෑම දිනයක සමාගම වසා තැබීමට සාකච්ඡා ආරම්භ කර ඇත.

2009 වසරේ සාමූහික ගිවිසුමට අනුව රුපියල් 14, 343 ක්ව තිබූ නවක සේවක වැටුප 2012 සාමූහික ගිවිසුම මගින් රුපියල් 8,500 ක් දක්වා අඩු කර තිබේ. ජීවන අංක දීමනාවද කප්පාදු කර ඇත.


ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයද මෙම කප්පාදු කිරීම්වලට එකඟ වී ඇත. මෙම හේතූන් නිසා එළිෆන්ට් හවුස් සේවකයන් අන්තර් සමාගම් සේවක සංගමයේ නායකත්වයෙන් යුතුව ජූලි 01 දා සිට වෘත්තීය කි‍්‍රයාමාර්ගද ආරම්භ කර ඇත.

සේවකයන් විසින් ඉහත ගැටලූ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමග කළ සාකච්ඡුා සඳහා විසඳුම් ලැබී නැත. පසුගිය 16 හා 17 දිනවලදී සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සේවකයන් සමාගම ඉදිරිපිටදී උද්ඝෝෂණවල නිරත විණි.

0 comments:

Post a Comment