Pages

Subscribe:

Ads 468x60px

මම රන්ජන්ට ගැළපෙනවා - රුවන්ගි

රුවන්ගිගේ හීන කුමාරයා මොන වගේ කෙනෙක් විය යුතුද?

රන්ජන් රාමනායක කියන්නේ උසට ගැළපෙන මහතක් තියෙන නළුවෙක්. ඒ වගේ කෙනකුට ගැළපෙන රංගන ශිල්පිනියන් අඩුයි කියලා කිව්වේ ක්‍ෂේත්‍රයේම ප්‍රවීණයන්. 

ඔවුන් කිව්වා ඒ අතින් මම රන්ජන්ට ගැළපෙනවා කියලා. මෙහෙම කියන්නේ රුවන්ගි රත්නායකයි. ඒ කතාව ඇත්තක් කියලා අපි රුවන්ගිගෙන්ම අහලා බලමු.


රුවන්ගි මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන්. එහිදී මට දෙවැනි ස්ථානය හිමි වුණා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒ අතරෙදිම ජාතික රූපවාහිනියේ නලින් මාපිටිගම මහතාගේ බිනරි නිර්මාණයට දායක වුණා.

ළඟදී සම්මානයක් ලැබුණා නේද? ඒ ගැන බලාපොරොත්තුවෙන්ද හිටියේ?

ඇත්තටම මම සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. ඒත් 'අහසින් වැටුණා' ටෙලි නාට්‍ය හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කළ හොඳ නිර්මාණයක් නිසා යම්කිසි ඇගැයීමක් තියෙයි කියලා විශ්වාසයක් ඇති වුණා. මම සම්මානයට නිර්දේශ වුණා කියලා දැනගත්තාම ඇත්තටම ගොඩන් සතුටු හිතුණා. සම්මානය ලැබුණාට පස්සේ ඊටත් වඩා සතුටු හිතුණා.

එහෙනම් ඔයාගේ ගාණ වැඩි කරලද?

සම්මානයක් ලැබුණා කියලා ගාණ අඩු කරනවා කියලා එකක් නැහැ. ඒත් මම අඩු ගාණට වැඩ භාරගන්නේ නෑ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එක දවසක් ෂූටින් ගියාම දවස් 2ක පමණ වැඩ කරන්න සිද්ධ වෙනවා.

දැන් රංගන ශිල්පිනියන්, ශිල්පීන්ගේ ගාණ තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා නේද?

මෙහෙමයි. ඇත්තටම වෙන්න ඕනි දේ තමයි පිටපතට අනුව චරිතය තෝරා ගැනීම. ඒත් දැන් වෙන්නේ බජට් එකට අනුව චරිතය තෝරා ගැනීම. අධ්‍යක්ෂවරු චරිතය ගැන හඳුන්වා දෙන්න කලින් බජට් ගැන කතා කරන එක කනගාටුවට කරුණක්. මට එහෙම දේවල් වෙලා තියෙනවා. එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කිරීමට මම කටයුතු කරනවා.
 

ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලෙකින් සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා දැනට වසර 2 1/2 ක් පමණ වෙනවා. ඒ කාලය ඇතුළත ටෙලි නාට්‍ය දහයක ප්‍රධාන චරිතයට දායකත්වය ලබා දීලා තියෙනවා. මේ කාලේ කාර්යබහුල වුණාට 'අහසින් වැටුණා' ටෙලි නාට්‍යට දායකත්වය ලබාදෙන කාලේ එහෙම කාර්යබහුල නැහැ. අනික අහසින් වැටුණා කියන්නේ මගේ දෙවැනි ටෙලි නාට්‍ය, පළමු ප්‍රධාන චරිතය. මගේ පළමු ප්‍රධාන චරිතයටම මේ වගේ සම්මානයක් හිමි වුණාට පස්සේ ඇත්තටම සතුටු හිතුණා.

නෙහාරා හෙවත් අකුගේ චරිතය ගොඩනඟා ගත්තේ ඔබ විසින්මද? එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයාද?

මම පිටපත කියවලා අදහසක් ලබාගත්තා. ඒ චරිතය තරුණ කාන්තාවක්, ජීවිතේ සියලු දේ අහිමි වූ කාන්තාවක්. තමන්ට අහිමි වූ කිසිම දෙයක් ගැන නොසිතා තමන්ගේ අයියාගේ පවුල ගොඩනඟන්න උත්සාහ කරනවා. මේ චරිතය ගැන මම අධ්‍යක්ෂ හා පිටපත් රචකයා සමඟ නිතරම කතා කළා. මම විතරක් නෙවෙයි. සෙසු රංගන ශිල්පීන් සියලු දෙනාම මනා සම්බන්ධතාවක් පවත්වා ගත්තා. මේ චරිතය ගොඩනඟා ගන්න පෙර සූදානම ඉවහල් වුණා. මේ වගේ විශිෂ්ට චරිතයක් ගොඩනැඟීමට හැකි වුණේ අධ්‍යක්ෂවරයා නිසා.

වෘත්තියෙන් නිළියක් වුණාම චරිත තෝරා බේරා ගන්න අපහසුයි නේද?

මට යම් නිර්මාණයකට ආරාධනා කළ විට පිටපත කියවනවා. ඒ චරිතය ගැන ආසාවක් හා මට ඒ දේ කරන්න පුළුවන් කියලා හිතුණොත් ඒ චරිතය භාර ගන්නවා. බෑ කියලා හිතුණොත් ප්‍රතික්ෂේප කරනවා.

ඇත්තටම රුවන්ගි ජීවිතේ ලස්සනයි චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණේ ජනප්‍රියත්වය නේද?

නැහැ. ඒ මගේ මුල්ම චිත්‍රපටය. ටෙලි නාට්‍යයක වගේම චිත්‍රපටයකත් රඟපාන්න ආසාවක් තිබුණා. අනික අහසින් වැටුණා චරිතය වැනි හරවත් චරිත කරන්නත් ජීවිතේ ලස්සනයි වගේ බොළඳ චරිතයක් කරන්නත් මම දක්ෂයි. ඒ දේ මගේ හැකියාව කියලා හිතනවා. ඒ වගේම චිත්‍රපටයක අත්දැකීම විඳගන්න ලොකු ආසාවක් තිබුණා.

රන්ජන් රාමනායක ඔබට ගැළපෙනම නළුවා කියලා කියන්නේ කුමන පදනමකින්ද?

රන්ජන් රාමනායක කියන්නේ උසට ගැළපෙන මහතක් තියෙන නළුවෙක්. ඒ වගේ කෙනකුට ගැළපෙන රංගන ශිල්පිනියන් අඩුයි කියලා කිව්වේ ක්‍ෂේත්‍රයේම ප්‍රවීණයන්. ඔවුන් කිව්වා ඒ අතින් මම රන්ජන්ට ගැළපෙනවා කියලා. මට චිත්‍රපටය නරඹන විට හිතුණා ඒ කතාව ඇත්තක් කියලා.

රුවන්ගි ප්‍රේමවන්තියක්ද?

දැනට නැහැ.

රුවන්ගිගේ හීන කුමාරයා මොන වගේ කෙනෙක් විය යුතුද?

මාව තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕනි. විශේෂයෙන් මම වැරැද්දක් කළත් ඒ දේ වැරැද්දක් මේ දේ තමයි හරි දේ කියලා කියලා දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි.

0 comments:

Post a Comment