Pages

Subscribe:

Ads 468x60px

දුලීකාට නඩුවක්...

ජනාධිපති ශිෂ්‍යත්ව අරමුදල විසින් ප්‍රවීන රංගන ශිල්පී දුලීකා මාරපනට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

එක්සත් රාජධනියේ පැවැත්වෙන නාට්‍ය වැඩමුළුවකට සහභාගිවීමට අදාල අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක් ලබාගෙන ඒ සදහා නිසි පරිදි භාවිතා නොකිරීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

දුලීකා විසින් මෙම මුදල ලබාගෙන ඇත්තේ 2005 වසරේදී බවත් මෙතෙක් එම මුදල නිසි ලෙස උක්ත කරුණ සදහා යොදවා නැතැයිද එම පෙත්සමින් පෙන්වාදී තිබේ.


එම අරමුදලේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයාද අදාල මුදල නිසි ලෙස යොදාගන්නැයි දන්වා අවස්ථා 3කදී දුලීකාට දක්නාවා ඇති බවත්, අදාල අවස්ථා තුනම දුලීකා විසින් පැහැර හැර ඇති බවත් පැමිණිලිකාර පාර්ශවය දක්වා ඇත.

එසේම එම මුදල ගෙවන ලෙස අදාල අරමුදල යවන ලද එන්තරවාසියටද දුලීකා පිළිතුරු නොසැපයූ බවද එහි දැක්වේ.

0 comments:

Post a Comment