Pages

Subscribe:

Ads 468x60px

රජ පවුලට පුතෙක්

ලංඩන් වේලාවෙන්  4.24 ට කේට් කුමරිය  පුතෙකු බිහි කළාය.  දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. 

පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අතර ඒ සදහා දින දහයක් වත් යනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

රාත්තල් 8ක් අවුන්ස 6ක බරකින් යුතු දරුවා සහ මව යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවද සඳහන්ය. විලියම් කුමරු මුළු රාත්‍රියම රෝහලහි ගතකර තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. ලන්ඩන් හි ශාන්ත මේරි රෝහල ඉදිරිපිට මාධ්‍යවේදින් සහ රාජකීය පවුලට සුබ පතන්නන් විශාල පිරිසක් රැස්ව සිටින බවද වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඔවුන් සියලුදෙනා නාම පුවරු රැගෙන ප්‍රීති ඝෝෂා කරමින් සිටින අතර රාජකීය බිලිඳා හට තැබිය යුතු නම් පිළිබඳව ද අදහස් පළ කරමින් සිටී. රාජකීය පවුලේ සියලු දෙනා ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරමින් නිවේදනද නිකුත්කර තිබේ.

1 comments:

Anonymous said...

ලෝකෙටම බරක් වෙච්ච හුත්තිගේ පුතෙක්...

Post a Comment