Pages

Subscribe:

Ads 468x60px

පූනම් පාන්ඩෙටත් ඉන්දියාවෙන් ලිංගික ලෙඩක්

ඉන්දියාවේ නිරුවත් ශරීර නිරුපනය සම්බන්ධයෙන් ජන්ප්‍රිය නිරූපිකාවක වන පූන්ම් පාන්ඩේ රංගනයෙන් දායක වන මුල්ම බොලිවුඩ් චිත්‍රපටය වන Nasha ට එරෙහිව ඉන්දීයවේ හින්දු අන්තවාදී සංවිධානයක් වන ශිව සේනා පක්ෂය විසින් විරෝධය දක්වා තිබේ.

ශිව සෙනා පක්ෂය ඇවිස්සීමට හේතු වී ඇත්තේ Nasha චිත්‍රපටය වෙනුවෙන් වූ ප්‍රචාරක පුවරු දැකිමෙනි. එහි පූනම්ගේ නිරුවත් දෙපා දකින්නට ලැබීමෙන් එම පක්ෂ නායකයන්ගෙ හිරි ඔතප් බිඳීමට හේතු වී තිබේ.මේ වන විට මුම්බායි හී පිහි‍ටුව තිබු ප්‍රචාරක පුවරු කිහිපයක්ම කඩා බිඳ දැමීමට මේ ආගමික අන්තවාදීන් කටයුතු කොට ඇත.


කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ නිශ්පාදකවරයා කිය ඇත්තේ ශිව සෙනාවට අවශ්‍ය පරිදි මේ පුවරු ගලවා නොදමන බවය. මේ ප්‍රචාරක පුවරු ප්‍රසිද්ධ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය තමන් ලබාගෙන තිබෙන බවද ඔහු පවසයි.

පසුගියදා මෙරට නිශ්පාදනයක් වූ Fling Fish සඳහාද පදනම් විරහිත ජාතිවාදී හා ආගම්වාදී චෝදනා ‍රැසක් එල්ල වී තහනමට ලක් විය. ඇතැම් මාධ්‍ය වලින් කියැවුනේ බලවතුන්ගේ ලිංගික ඉරිසියාව ඊට පදනම් වූ බවය.

ලිංගික ඉරිසියාව හෝ ලිංගික කුහකකම හෝ යනු දකුණු ආසියානුවන්ගේ පසුගාමී සංස්කෘතියේ අනිවාර්යයක් වන බැවින් ගැහැනියක්ගේ නිරුවත් කකුලක් වුවත් තවදුරත් ඒ පිරිමින්ගේ හිරි ඔතප් බිඳිනු ඇත.

nasha-poonam.2
nasha-poonam.3
nasha-poonam-4
nasha-poonam.5
nasha-poonam.1


0 comments:

Post a Comment