Pages

Subscribe:

Ads 468x60px

දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා අද (24) දහවල් 2.10 ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයට එක්විය. 

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ වයඹ පළාත් සභාවට තරග කරන බවයි. දයාසිරි මහතා එක්සත් ජාතික පක්ෂය පිළිබඳ සිය අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවයි. විපක්ෂයට ආණ්ඩු බලය ලබා ගන්නට කිසිම උවමනාවක් නැති බවත් ඒ මහතා කීවේය. 

සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගේ කතාවෙන් පසු දයාසිරි ජයසේකර මහතා කතානායක වරයාගෙන් අවසරය ගෙන මෙම විශේෂ ප්‍රකාශය කළේය.
ඒ මහතා සිය කතාව ආරම්භ කරන විට විපක්ෂ නායකවරයා සභාවේ නොසිටි අතර පසුව ඔහුද පැමිණ එම කතාවට සවන් දෙනු දක්නට ලැබිණි.


පක්ෂය ජයග්‍රහණය කිරීම උදෙසාගත් සියලු ක්‍රියාමාර්ගවලට නායකත්වය එරෙහි වූ බව පැවසූ ඒ මහතා පක්ෂ නායක්ත්වය දැඩි ලෙස විවේචනය කළේය. තමා ඉදිරියේදී සන්ධාන ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 

එසේම අද දවසේ මන්ත්‍රීවරයා සමග පඬුවවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනකුද ආණ්ඩු පක්ෂයට එක්වන බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් එජාපය හැර රතු පලස මතින් තමන් කිසිවිටෙක ආණ්ඩුවට නොයන බව දයාසිරි ජයසේකර මහතා දිගින් දිගටම පවසා තිබුණි.

1 comments:

Anonymous said...

IF SOMEONE WANTED TO JUMP TO THE OTHER SIDE, HE MAKE FIGHTS WITH HIS PARTY AND MAKE A BIG SHOUT AND THEN CRY FINALLY COMPLAIN TO OTHERS THAT HE IS ABANDONED. THEN LET PEOPLE TO THINK THAT BETTER TO GO THAT PERSON TO OTHER SIDE. THEN JUMP.

IF LEADERS HAVE DEAL AMONG OTHER LEADERS, POINT OR CHOOSE A PERSON TO MAKE TROUBLES AND WAIT UNTIL HEAT THE IRON UPTO THE SATISFACTION OF THE LEADER WHOM WANT TO TAKE HIM IN AND LEADER WANTED TO CHASE HIM OUT. THEN IDIOT AMONG TWO LEADERS MAKE A BIG SHOUT AND JUMP. FINALLY LEADER WHO SENT THE IDIOT GOT NEW CARS, FOREIGN TRIPS, SO ON AND SO FOURTH AND VANISH UNTIL HELD ALL ELECTIONS. WHO ARE THE IDIOTS??????????????

Post a Comment