Pages

Subscribe:

Ads 468x60px

ලතා වල්පොළ ගීත ගායනය නවත්වයි !

ප්‍රවීන ගායිකා ලතා වල්පොළ මහත්මිය ගීත ගායනය අත්හැරීමට සූදානම්වන බව අප වෙත වාර්තා වෙනවා.

ඇය මෙසේ සිය ගීත ගායනය අත්හැරීමට සූදානම් වන්නේ ලබන වසරේ (2014) නොවැම්බර් 11 වැනිදාට යෙදෙන ඇයගේ 80 වැනි ජන්ම දිනයෙන් පසුවය.

ලතා, ඇගේ අසූවැනි ජන්ම දිනයේදී සිය පුතුන් දෙදෙනා, දියණිය හා මුණුපුරු, මිනිබිරියන් සමග දැවැන්ත ප්‍රසංගයක් පවත්වා ගීත ගායනය අත්හරින බව පවසන්නීය.


මේ අතර ස්ටර් තරගයකින් ජනප්‍රිය වූ ගායිකාවක් පසුගිය දිනක ලතා ප්‍රසංගයක ගී ගයා ඉන් බැස යද්දී 'ඇයි ඇන්ටි අර සින්දුව කිව්වේ...ඒක මම කියන්න හිටියේ..' යැයි කී බවක්ද වාර්තා වේ.

පසුව ලතා  'ඇයි දරුවෝ ඒක මගේ සින්දුවක් නේ..' යැයි ඇයට කියමින් ප්‍රසංග වේදිකාවෙන් බැසගොස් තිබේ.

සහේළි ගමගේ නම් යොවුන් ගායිකාව වෙනුවෙන් මහරගම මාවතක් නම්වුවද, සිය සැමියා වූ ප්‍රවීන  ගායකයෙකු වූ ධර්මදාස වල්පොළ මහතා වෙනුවෙන් එවැන්නක් සිදු නොවීම ගැන ඇය පසුතැවිල්ලෙන් සිටින බවද මේ අතර වාර්තා වේ.

සහේළි ජනප්‍රිය වූයේ 'මහරජානනි' ගීතය ගායනා කිරීමෙනි.

0 comments:

Post a Comment