Pages

Subscribe:

Ads 468x60px

බැරක්‌ ඔබාමා නැවත නොඑන දොරටුව වෙත ගිහින්

ජනපති බැරක්‌ ඔබාමා පසුගිය බ්‍රහස්‌පතින්දා සෙනගල් රාජ්‍යයේ ගෝරී දූපතේ විශේෂ නිවසක්‌ වෙත ගියේය. එය හඳුන්වන්නේ වහලුන්ගේ නිවස නමිනි. 

මෙය පිහිටා ඇත්තේ අත්ලාන්තික්‌ සාගරයට මුහුණලාය. එහි එක්‌ දොරක්‌ මත සිටගෙන මේ ඇමරිකන් ජනපතිවරයා ශෝකීව මුහුද දෙස බලා සිටිනු ඡායාරූපවල දක්‌නට ලැබිණි. 

ඇත්තෙන්ම මේ දොර හඳුන්වනු ලබන්නේ DOOR OF NO RETURN මැයෙනි. නැවත නොඑන දොරටුවෙන් ලක්‌ෂ ගණනින් අප්‍රිකානු වහල්ලු උතුරු ඇමරිකාවට පටවනු ලැබිණි. සැබැවින්ම මේ නිවස අප්‍රිකානු වහල්ලු සිරකර තබා නැව්වලට බලහත්කාරයෙන් පටවා උතුරු ඇමරිකාවට යවනු ලැබිණි. 

මෙම නිවස 1962 දී කෞතුකාගාරයක්‌ බවට පත් කරනු ලැබීය. මෙම නිවස ඉදිකරනු ලැබුවේ 1776 දීය. එහි සිට ඇමරිකාවේ පිහිටුවනු ලැබූ බ්‍රිතාන්‍ය, ප්‍රංශ ස්‌පාඤ්ඤ, ඕලන්ද හා පෘතුගීසි කොලනි වලට වහලුන් යවනු ලැබීය. 

මෙතැනට ගිය ඔබාමාට මීට වසර සිය ගණනකට පෙර කළු ජාතිකයන් විඳි පීඩාවන් ගැන හොඳ අවබෝධයක්‌ ලැබෙන්නට ඇති බවට සැක නැත.

0 comments:

Post a Comment