Pages

Subscribe:

Ads 468x60px

ගෝඨාභයගේ දුරකතනය ටැප් කලේ ඇමරිකාවද ?

විදෙස් බලවේගයන් විසින් තමාගේ ජංගම දුරකථනයට සවන් දෙන අයුරින්ම ඉහළම ප‍්‍රභූවරුන්ගේ ජංගම දුරකථනවලටද හොරෙන් සවන්දීම කටයුතු කරන බවට සැක පහලවී ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ හේතුව නිසා ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වඩාත් ආරක්ෂිත ක‍්‍රමවේද යොදා ගැනීමට සිදුවනු ඇති බවද ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

තම ජංගම දුරකථනයට ටික කාලයක් තිස්සේ විදෙස් ඔත්තු සේවාවක් සවන් දෙන බවට අනාවරණය වීම නිසා ජංගම දුරකථන සම්බන්ධ සමාගමකට මේ ගැන සොයා බලන්නැයි දැනුම් දුන් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් තානාපති කාර්යාලයේද සහාය ඇතිව අධිතාක්ෂණ උඅපකරණ භාවිත කරමින් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රටේ ප‍්‍රභූවරුන්ගේ ජංගම දුරකථනවලට හොරෙන් සවන් දෙන බවට රාජ්‍ය ඔත්තු සේවාවන් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය දුරකථන ඇමතුම් බිලියනයකට පමණ සවන්දෙන බවට හෙළිවී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. එඞ්වඞ් ජෝසෆ් ස්නෝඩෙන් නමැති ඇමෙරිකානු ජාතිකයා මේ සම්බන්ධව ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර තිබුණි.

0 comments:

Post a Comment