Pages

Subscribe:

Ads 468x60px

පුතු මියගිය පසුත් දින පහක්‌ම අම්මා බත් කවලා

මියගිය සිය පුතුට නිවසේදී දින පහක්‌ තිස්‌සේ ආහාර කැවූ මවක පිළිබඳව නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සිද්ධිය සැකවින් මෙසේය. නුගේගොඩ ගංගොඩවිල, පරණ කැස්‌බෑව පාරේ නිවසක 60 හැවිරිදි මවක හා 27 හැවිරිදි පුතකු පමණක්‌ පදිංචි වී සිට ඇත. මෙම පුතු මානසික ආබාධයකින් පෙළෙමින් සිට තිබේ. මව ද යම් මානසික ආබාධයකින් පෙළෙන්නියක වූවාය.

මෙම මවගේ පුතු හදිසියේම නිවසේ ඇඳක්‌ මත මියගොස්‌ ඇත. දින පහක්‌ තිස්‌සේම මෙම මව සිය පුතුට ආහාර කවා ඇත්තේ දරුවාට ඇති ස්‌නේහය නිසා වන්නට ඇත. ඇයද මානසික රෝගයකින් පෙළෙන්නියක නිසා සිය දරුවා මියගොස්‌ ඇතැයි ඇයට නොසිතෙන්නට ඇත.


අවට නිවැසියන්ට දුඟඳක්‌ දැනීම නිසා නිවැසියන් එම නිවසට පැමිණ බැලීමේදී "මේ බලන්න මගේ රත්තරං පුතා කෑම කන හැටි. හොඳට කනවා..." යෑයි නිවැසියන්ට පවසා තිබේ.

දරුවා මියගොස්‌ ඇති බව වටහා ගත් නිවැසියන් මේ ගැන මිරිහාන පොලිසියට දැනුම් දී ඇත. පසුව පොලිසිය පැමිණ පරීක්‍ෂණ සිදුකර එම දේහය දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලට පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා ගෙන ගියේය.

මියගිය තරුණයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනවිරත්න මහතා විසින් පැවැත්වීය. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණයාගේ උගුරේ මස්‌ කෑලි ඇතුළු ආහාර සිරවී තිබූ බව ද හෙළිවී ඇත.

0 comments:

Post a Comment