Pages

Subscribe:

Ads 468x60px

රතුපස්වල ගැටුමින් මිය ගිය මළ සිරුරු ලංකා හොස් පිටල්ස් එකේ

පසුගිය 01 වැලිවේරිය ගැටුමේදී හත් දෙනකු මියගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රකාශය හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. බිබිසි සංදේශය කල විමසීමකදී ඔහු එබව සඳහන් කර ඇත. කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමූහ ව්‍යාපාරයේ අත් වැසුම් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය නිසා පානීය ජලය විස වී ඇති බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුනු ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3ක් බව ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශකර ඇත.

කෙසේවුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත ඊයේ වාර්තා කර තිබුනේ එම හමුදා ප්‍රහාරයෙන් හයදෙනෙකු මියගොස් ඇති බවයි. ඒ ආණ්ඩුව ඊයේ නිලවශයෙන් ප්‍රකාශ කල මරණ දෙකට අමතරවය.


මේ අතර 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, වැලිවේරියේ සිදුකළ හමුදා වෙඩි ප්‍රහාරයේදී  ඝාතනයකලද, මෙතෙක් ඒ බව නොඅඟවා දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් සිටින තවත් අහිංසක පුද්ගලයන් තිදෙනෙකුගේ වාර්තා තමන් වෙත ලැබී ඇති බවයි.

ඒ අය මෙසේය:


• නම: ශාන්ත දිනේෂ්
වයස: අවු 45 යි
ලිපිනය: 230/7, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013

• නම: සුනන්ද පෙරේරා
වයස: අවු. 37 යි
ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013

• නම: ඩී.ඩී. ජයවර්ධන
වයස: නොදනී
ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013

ඉහත තිදෙනා ජීවතුන් අතර නැතත් දැනට දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් ආණ්ඩුව ජනතාව මුලා කරමින් සිටින බව එම වෙබ් අඩවිය පවසයි.

ඊට අමතරව පැරණි 'ඇපලෝ රෝහල' හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් වර්තමානයේ 'ලංකා හොස්පිටල්ස්'  නමින් නාරාහේන්පිට පවත්වාගෙන යන රෝහලෙහි මළ සිරුරු 3 ක් සඟවා තිබෙන බවත්,  එම මළ සිරුරු 3 එහි ගෙන ආවේ වතුපිටිවල රෝහලේ සිට බවත් 'ලංකා ඊ නිව්ස්' අවධාරණය කරයි.

වතුපිටිවල රෝහලෙන් අධිකරණ වෛද්‍ය පෝරම පුරවන්නේ නැතිව (ජී.එච්.ටී.අංකයක්  නොයොදා) මෙම සිරුරු ඇපලෝ රෝහල වෙත ගෙනැවිත් තිබෙන බවත්,  ජීඑච්ටී අංකයක් නොමැති බැවින් මෙම මළ සිරුරු කොතැනක හෝ වාර්තා ගත වී නැති බවත් 'ලංකා ඊ නිව්ස් 'අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී ඇතැයි එම වෙබ් අඩවිය පවසයි.

මෙවැනි මාධ්‍ය වාර්තා හමුවේ, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින්, ''බොන්නට වතුර ටිකක් ඉල්ලූ ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්නා පමණක් නොව, එයින් මියගිය සංඛ්‍යාව ඇතුළු සිද්ධියේ සත්‍ය තත්ත්වය ජනතාවගෙන් සහ ලෝකයා ගෙන් වසන් කරමින් සිටින බව'' සඳහන් කර තිබිණ.

රජයේ නිල මරණ සංඛ්‍යාව කෙසේවුවත්,  'සන්ඩේ ටයිම්ස්’ පුවත් පත පෙන්වා දෙන ආකාරටය 3දා  රාත්‍රී වන විට අමානුෂික ලෙස මෙසේ ඝාතනයට ලක්වූ  වූ සංඛ්‍යාව 6 ක් බවත්, ඒ අනුව මේ වන විට 7දෙනෙකු මෙම සිද්ධිය නිසා මිය ගොස් තිබෙන අතර ඒ බව එම ප්‍රදේශයෙන් ලැබෙන ස්වාධීන තොරතුරු වලින්ද තහවුරු වන බවත් සමරවීර මහතා සිය නිවේදනය මගින් පෙන්වාදී තිබිණ.


සාමකාමිව උද්ඝෝෂණය කල රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට හමුදාවට අණ දුන් බලවතා රාජපක්ෂ අයියාද? නැතිනම් මල්ලීද? යන්න සැක හැර දැන ගැනීමට රතුපස්වල ජනතාව පමණක් නොව මුළු ලෝකයාම බලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා විසින් අද පෙරවරුවේ නිකුත්කරනු ලැබූ නිවේදනයක ඒබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

'' ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළ මරණ සංඛ්‍යාව 2 ක් දක්වා ඉහළ නංවමින්, රාජපක්ෂ රෙජීමය ඉකුත්දා යුධ හමුදාව යොදවා වැලිවේරියේදී සිදුකළ සමූහ මිනිස් ඝාතනයේ තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු අද (4) උදෑසන ජීවිතය හැර ගියේය.

රජයේ නිල මරණ සංඛ්‍යාව එසේ වුවත්, අද පළවූ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත පෙන්වා දෙන ආකාරටය ඊයේ (3) රාත්‍රී වන විට අමානුෂික ලෙස මෙසේ ඝාතනය වූ සංඛ්‍යාව 6 කි.

ඒ අනුව මේ වන විට 7දෙනෙකු මෙම සිද්ධිය නිසා මිය ගොස් තිබෙන අතර ඒ බව එම ප්‍රදේශයෙන් ලැබෙන ස්වාධීන තොරතුරු වලින්ද තහවුරු වේ.

එහෙත් මේ මිනීමරු ආණ්ඩුව, බොන්නට වතුර ටිකක් ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්නා පමණක් නොව එයින් මියගිය සංඛ්‍යාව ඇතුළු සිද්ධියේ සත්‍ය තත්ත්වය ජනතාවගෙන් සහ ලෝකයාගෙන් වසන් කරමින් සිටී.

එබැවින් මා රාජපක්ෂ රෙජීමයට අවධාරණය කරන්නේ, ජනතාවත්, ලෝකයාත් තව දුරටත් මුලා නොකොට මෙම අමානුෂික සමූහ මිනිස් ඝාතනයෙන් මියගිය ගණන සත්‍යවශයෙන්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

එසේම ආණ්ඩුව තවත් හෙලිකළ යුතු කාරණයක් වන්නේ, සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කාරණයක් වූ මේ සිද්ධියේදී පොලිසිය වෙනුවට ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහි සටනට යවන්නා සේ යුධ හමුදාවේ කොමාන්ඩෝ සෙබළුන් යොදවා ජීව උණ්ඩ වලින් නිරායුධ, අහිංසක මිනිසුන්ට හිතුණු හිතුණු අතේ වෙඩි තබන්නට අණ දුන්නේ කවුද? යන්නයි.

ඒ අණ දුන් බලවතා රාජපක්ෂ අයියාද? නැතිනම් මල්ලීද? යන්න සැක හැර දැන ගැනීමට රතුපස්වල ජනතාව පමණක් නොව මුළු ලෝකයාම බලා සිටින බව මතක් කර දෙනු කැමැත්තෙමි.''

 

0 comments:

Post a Comment