Pages

Subscribe:

Ads 468x60px

සිරි පැරකුම් බලද්දී දැරියක් දූෂණය කරලා

ගම්පොල නගරයේ සිනමා ශාලාවකදී සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර බාල වයස්කාර දැරියක් දූෂණයට ලක්ව ඇතැයි පොලිස් වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් එම දැරියගේ මව විසින් ගම්පොල පොලීසියට කළ පැමිනිල්ලකට අනුව මේ බව අනාවරණය වී ඇති අතර එම දැරිය විසින් ලබා දී ඇති කටඋත්තරයේද සඳහන්වී ඇත්තේ තමන්ව සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර තම පෙම්වතා විසින් දූෂණය කළ බවයි.


මෙම පැමිනිල්ල පාදක කර ගනිමින් එම සිනමාහලේ පෙම්වතුන් සඳහා ලබාදෙන කුටි (බොක්ස්) ආවරණය නොකොට සියල්ලටම පේන ලෙස විවෘතව තැබිය යුතු යැයි ගම්පොළ පොලිස් මූලස්ථාන ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා එම සිනමාහල් කළමනාකාරීත්වයට දැනුම්දී ඇතැයිද පැවසේ.

බාල වයස්කාරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්කොට ඇති අතර 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Post a Comment