Pages

Subscribe:

Ads 468x60px

මව කුස ගින්නේ මිය යන්නට හැර පරිගණක ක්‍රීඩා කළ පුතෙක්

සිය මව ට සාගින්නේ මියෙන්නට ඉඩ හැර ඇයගේ සිරුර ඉහඳ පණුවන් ගසන තුරු නිවසේ තිබෙන්නට ඉඩහැරීම සම්බන්ධයෙන් තායිවාන ජාතිකයකුට පසුගියදා 12 වසරක සිර දඬුවමක් නියම විය. 

සිය මව මියෙන තෙක්ම ඇය ගැන නොසලකා සිටීමේ චෝදනාව මත මෙසේ සිරදඬුවම් නියම ව ඇත්තේ 36 හැවිරිදි චෑන් චි චියෑන් නම් පුද්ගලයාට වන අතර මේ තීන්දුවට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව පැවසී තිබේ.

මේ සිද්ධිය අනාවරණය වී ඇත්තේ චෑන් ගේ බිරිඳ විසින් ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පොලිසියට කළ පැමිණිල්ලක් නිසාය. දියවැඩියාවෙන් පෙළෙමින් ඔත්පලව සිටි සිය නැන්දනිය ඔවුන්ගේ නිවසේ සිටියදීම මියගොස් ඇති බව සොයා ගැන්මෙන් පසු ඇය පොලිසියට ඒ බව පැමිණිලි කර තිබේ. 


පොලිස් නිලධාරින් පැමිණි අවස්ථාවේ කිලෝග්‍රෑම් 30 කට අඩුබරකින් යුත් ඉහඳ පණුවන් ගෙන් පිරි ඇගේ ‍මෘත දේහය සොයාගෙන ඇති අතර එම කාමරය ද කුණු කන්දල් වලින් ගහණව තිබී ඇත.

53 වියැති මේ කාන්තාව ගේ මළසිරුර සතියකට වැඩි කාලයක් එහි තිබී ඇති බවත් ඇය මියෙන්නට‍ ‍පෙර දින 5 ක පමණ කාලයක් තිස්සේ කිසිඳු ආහාරයක් ලබා ‍ගෙන නැති බවත් හදිසි මරණ පරීක්ෂකවරයා පවසා ඇත.


මාධ්‍ය වාර්තා වල පළව ඇත්තේ චෑන් පසුගිය කාලයේ දී සිය මව සමඟ වාසය කර ඇතත් ඇය ගැන නොතකා අන්තර්ජාල පහසුකම් සපයන මධ්‍යස්ථානවල පරිගණක ක්‍රීඩාවන්හි නියැළී ඇති බවය.

0 comments:

Post a Comment