Pages

Subscribe:

Ads 468x60px

උපේක්ෂාගේ මන්ත්‍රී හයියට බල්ලාව ඇතුළට

ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට ඉකුත් අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී පැමිණියා. 

ඇය පැමිණ තිබුණේ උද්‍යානය තුළ රූගත කිරීමකට සහභාගි වීමටය. කෙසේ නමුත් ඇය පැමිණ තිබුණේ බල්ලෙකුද රැගෙනය. ඇයට උවමනා වූයේ  බල්ලාද රැගෙන උද්‍යානයට ඇතුළු වීමටය. 

එහෙත්  උද්‍යානයේ ගේට්ටුවේ සිටි නිලධාරීන් බල්ලාට උද්‍යානය ඇතුළට ගෙන යාමට ඉඩ දීම ප්‍රතික්‍ෂේප කළේ උද්‍යානයේ නීති රීති අනුව සුරතල් සතුන් ගෙන ඒම තහනම් බව පවසමිනි. අනේ මෙයාව ගෙදර බලා ගන්න කෙනෙක් නෑ. ඒකයි අරන් ආවේ. මන්ත්‍රීතුමිය පැවසුවාය. කෙසේ නමුත් නිලධාරීන් කියා සිටියේ උද්‍යානයේ නීති රීති අනුව සුරතල් බල්ලාව ඇතුළට රැගෙන යාමට එම හේතුව අදාළ නොවන බවය.


එහෙනම් අර මල්වත්ත ඇතුළේ තව බල්ලො ඉන්නෙ. උන්වත් අයින් කරන්න එපායැ. උද්‍යානය තුළ දඩාවතේ ගැවසෙන බල්ලන්ව පෙන්වමින් මන්ත්‍රීවරිය විමසුවේය. 


එවිට නිලධාරීන් පැවසුවේ එම බල්ලන් වැටවල්වලින් මල්වත්තට රිංගා ඇති එවුන්  බවය. කෙසේ හෝ  මෙම සංවාදය දිගින් දිගටම  ඇදුනු අතර අවසානයේ දී උපේක්ෂාගේ මන්ත්‍රී හයියට ඉඩදීමට නිලධාරීන්ට සිදුවිය.

බැරි වෙලාවත් මල්වත්ත ඇතුළෙදී ඔයාගෙ බල්ලා කාවහරි හැපුවොත් ඔයා වගකියන්න. යැයි කියූ නිලධාරීහු  උපේක්ෂාගේ බල්ලාව උද්‍යානය තුළට ගෙන යාමට ඉඩ ඇරියහ.


කෙසේ නමුත් උද්‍යානය තුළ ගැවසෙන බල්ලන්ට මේ අලුත් අමුත්තා ඇල්ලුවේ නැත. එබැවින් රූගත කිරීම් පැවතුනු දිනය පුරා ඌ අලුත් අමුත්තාට අභියෝග කළහ. එබැවින් උපේක්ෂාට රඟපෑමට අමතරව ඇගේ බල්ලාව බේරා ගැනීමට අනෙක් බල්ලන්ව පලවා හැරීමටද සිදුව තිබුණි. 

1 comments:

itnishantha said...

ඕක මොකක්ද ඔය උපේකලා අන්ර්ලා පාර්ලිමන්ට් යන්නේ.

Post a Comment