Pages

Subscribe:

Ads 468x60px

දක්‍ෂිණ අධිවේගී මගේදී මරු තුරුළට ගිය අයිය නගෝ ගේ කතාව

තම පියාට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත මාතර සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයකින් යද්දී වැලිපැන්න 51 කණුව අසල දී අගෝස්‌තු 08 වැනිදා දහවල් සිදු වූ මාරක රිය අනතුරකින් මියගිය දෙදෙනාගේ ආදරණීය මව හැඬූ කඳුළින් පැවසුවේ දෙවියනේ මගේ පුතයි දුවයි දෙන්නම මාව දමලා ගියා. කොහොම ඉවසන්නද?. මට ආයිමත් දරුවන් දකින්න ලැබෙන්නේ නැහැ නේද කියාය.

මෙම වාහනයේ ගමන්ගත් රියෑදුරා සහ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය මියගොස්‌ ඇති අයගේ පියාද මියගිය සහෝදරියගේ සැමියාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මියගිය අය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දුලිප් චන්දන සමරසිංහ ගුණසේකර (36) සහ ඔහුගේ සහෝදරිය වන මියගොස්‌ ඇති නදීකා සමරසිංහ ගුණසේකර (32) පදිංචි නිවසට යන විටත් විශාල පිරිසක්‌ මෙම ආරංචියට නිවසට රොක්‌ වී සිටියහ.

මියගොස්‌ ඇති චන්දන මහතා දක්‍ෂ කථිකාචාර්යවරයෙක්‌ වන අතර ජීව විද්‍යාව අංශයෙන් මාතර සහ තංගල්ල ප්‍රදේශවල උපකාරක පන්තිවල ඉගැන්වීම සඳහා සහභාගිවන්නෙකි. 


ඉතා විශාල සිසුන් පිරිසක්‌ මියගිය කථිකාචාර්යවරයාගෙන් අධ්‍යාපනය ලබන බවත් පසුගිය වසරවලදී මොහුගෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් විශාල පිරිසක්‌ විශ්වවිද්‍යාලවලට තේරී පත්වී ඇති බවටද දැන ගන්නට ලැබුණි. 

මියගිය කථිකාචාර්යවරයාගේ ආදරණීය බිරිඳද විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. ඔවුනට එක්‌ දියණියක්‌ සිටී. මාතර ශාන්ත තෝමස්‌ කුමර විද්‍යාලයෙන් මොහු අධ්‍යාපනය හදාරා ඇත.

2014 උසස්‌ පෙළ පන්ති සඳහා පුනරීක්‍ෂණ පන්ති දැනට සතියකට පෙර මෙම කථිකාචාර්යවරයා ආරම්භ කළ බවත් එසේ සතියක්‌ යැමට පෙර සර් අප අතරින් වෙන්වීම දරාගත නොහැකි යෑයි ශිෂ්‍ය ගෝලයකු වන ලහිරු ලක්‍ෂාන් ශිෂ්‍යයා පැවසීය.

පසුගිය කාලයේ තංගල්ල ප්‍රදේශයේ උපකාරක පන්තිවලට විශාල සිසුන් පිරිසක්‌ සහභාගි වන නිසා මියගිය සර්ට විවිධ තර්ජන තිබෙන බව පැවසූ බවත් මැරෙන්න නම් බය නැහැ මට දුකක්‌ තිබෙන්නේ මම වෙනුවෙන් දරුවෙක්‌ ඉන්න එක විතරයි යෑයි සර් කියූ බවද එම සිසුවා අප සමග පැවැසීය.

මියගොස්‌ ඇති කථීකාචාර්යවරයාගේ සහෝදරිය විවාහ වී මාස කිහිපයක්‌ වී ඇති බවට දැනගන්නට ලැබුණු අතර ඇය රැකියාවක්‌ නොකරන අතර මාතර ශාන්ත තෝමස්‌ බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. ඇගේ සැමියා ද මෙම අනතුරින් තුවාල ලබා ඇත.
එකම පවුලේ සහෝදරයෙක්‌ සහ සහෝදරියක්‌ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහනය වැටක වැදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි. 

එහි තවත් විස්තර පහතින්






0 comments:

Post a Comment