Pages

Subscribe:

Ads 468x60px

ඩයනා කුමරිය ගැන රහස්‌ රැසක්‌..

පකිස්‌තාන හිටපු ක්‍රිකට්‌ නායක ඉම්රාන් ඛාන්ගේ දික්‌කසාද බිරිය වන ජෙමීමා ඛාන් පසුගියදා ලොව ප්‍රකට Vanityfair සඟරාවට ඩයනා කුමරිය ගැන රහස්‌ රැසක්‌ හෙළිකර ඇත. 

එහි වඩා වැදගත් රහස වන්නේ ඩයනා කුමරිය හා ශල්‍ය වෛද්‍ය හස්‌නාත් ඛාන් අතර පැවැති වසර දෙකක ප්‍රේමයයි. 

ජෙමීමා කියන ආකාරයට ඩයනාට මේ පකිස්‌තාන් ජාතික වෛද්‍යවරයා හා විවාහ වීමට තද උවමනාවක්‌ තිබුණු අතර ඇය උමතුවෙන් මෙන් ඔහුට ප්‍රේම කළාය. හස්‌නාත් ඛාන් වෛද්‍යවරයා ඉම්රාන් ඛාන්ට දුර ඥතිකමක්‌ ඇති පුද්ගලයෙකි.

ඉම්රාන් ඛාන් විසින් ඉදිකරන ආරෝග්‍යශාලාව සඳහා අරමුදල් රැස්‌කිරීම සඳහා දෙවතාවක්‌ පකිස්‌තානයට ගිය ඩයනා ඒ අවස්‌ථා දෙකේදීම රහසිගතව දොස්‌තර ඛාන්ගේ පවුලේ උදවිය හමුවී දෙදෙනාගේ විවාහය ගැන සාකච්ඡා කර ඇත.

ඩයනා නිරන්තරයෙන්ම ජෙමීමාගෙන් විමසා ඇත්තේ පකිස්‌ථානයේ ජීවත්වීම අපහසු කාර්යයක්‌ වන්නේද යන්නයි. සම්ප්‍රදායික පශ්තුන් කාන්තාවක්‌ වූ දොස්‌තර ඛාන්ගේ මව ඉංග්‍රීසි කාන්තාවක්‌ හා සිය පුතාගේ විවාහයට කැමැත්ත පළකර නැත.

ඇත්තෙන්ම ඩයනා සිය මිතුරන් දෙදෙනකුට පවසා ඇත්තේ ඛාන් සමග විවාහ වී ඔහුගෙන් ''දියණියක'' ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බවයි.

කෙසේ නමුත් හස්‌තාන් ඛාන් කිසිවිටක මේ දෙදෙනා අතර විවාහයට කැමැත්ත පළකර නැත. 1997 දී ඩයනාගේ මරණයෙන් පසු මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ඛාන් පවසා සිටියේ මේ විවාහය වීමේ අදහස ඇත්තෙන්ම විකාර වැඩක්‌ බවයි. 


ඛාන් සමග පැවැති සම්බන්ධය බිඳ වැටෙන්නට පටන් ගත් විට ඩයනා ඩොඩී අල් µයාඩ් සමග සම්බන්ධයක්‌ පටන් ගත්තාය. ඩයනාගේ හිතවතුන් පවසන ආකාරයට ඇය මේ සම්බන්ධය පටන්ගෙන තිබියදීත් වැඩියෙන් කථා කළේ දොස්‌තර ඛාන් ගැනය. 

ඩොඩී සමග සම්බන්ධය ගැන දොස්‌තරවරයාට ඊර්ෂියාවක්‌ ඇතිවී නැවත ඔහු තමා කරා එනු ඇතැයි ඩයනා අපේක්‍ෂා කර ඇත. ඩයනා හා පකිස්‌තාන වෛද්‍යවරයා අතර සම්බන්ධය බිඳ වැටීමට හේතු වූයේ ඔහු විවාහවීමට කිසිම කැමැත්තක්‌ නොදැක්‌වීමයි.

0 comments:

Post a Comment