Pages

Subscribe:

Ads 468x60px

ලෙඩා එළියට ගන්න බිත්තියක් කඩයි

හෘදයාබාධයක් වැළදී මරණාසන්නව සිටි තරබාරු පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට නොහැකි තරම් ශරීර ප‍්‍රමාණයෙන් විශාල වීම නිසා

නිවසේ කොටසක්ද කඩා බිඳ ඔහු ඔසවාගෙන යාමට පස් කපන යන්ත‍්‍රයක සහයද ලබා ගැනීමට ජර්මනියේ රයිග්ල්ස්බර්ග්හි ගිනිනිවීම් භටයන්ට සිදුවිය.

මයිකල් ලෙහ්බර්ගර් නම් වන මේ පුද්ගලයාගේ බර රාත්තල් 63 කි. හෘදයාබාධයක් ඇතිවන්නට යන ලකුණු පහළ වූ හෙයින් හදිසි අනතුරු අංශය ඇමතීය. හදිසි අනතුරු අංශයේ නිළධාරීන් පැමිණියද මයිකල්ව ඔසවා ගැනීමට තියා ඔහුගේ කාමරයේ දොරෙන් පිටතට ගැනීමටත් නොහැකි විය.


ගිනි නිවීම් භටයන් අවසානයේ මයිකල් පිටතට ගත්තේ නිවසේ බාගයක්ද කඩාබිඳ දැමීමෙනි.මයිකල් එසවීමට නොහැකි තරම් බර වු නිසාවෙන් ඔවුන් පස් කපන යන්ත්‍රයක සහාය ලබා ගත්තේය. මයිකල් සුවය දැන් ලබමින් සිටියි.

 

0 comments:

Post a Comment