Pages

Subscribe:

Ads 468x60px

ද.මු. දසනායකගේ සහෝදරයා අභිරහස් ලෙස මියයයි

පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කල හිටපු අමාත්‍යවරයෙකු වු අභාවප‍්‍රාප්ත ද.මු. දසනායක මහතාගේ සොහොයුරෙකු වු වීරසේන දිසානායක මහතා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය පවසයි.

ඒ මහතාගේ මළ සිරුර ආදාහේන වත්තේ පිටුපස තිබී ඥාතීන් විසින් සොයා ගෙන ඇති අතර මළ සිරුර අසල ජංගම දුරකථනය සහ පාවහන් දෙකද තිබී ඇත.

ආඩිගම – පෙරියමඩුව ආදාහේන වත්තේ පදිංචිව සිටි වීරසේන මහතා දෙදරු පියෙක් වන අතර මෙම මරණය කුමන හේතුවක් මත සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයිද පොලීසිය කියයි.

0 comments:

Post a Comment