Pages

Subscribe:

Ads 468x60px

ජෝර්ජ් කුමරුගේ නිල ඡායාරූප එළියට

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන කේට් හා විලියම් ගේ කුළුඳුල් දරුවා වන ජෝර්ජ් කුමරුගේ පළමු නිල ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි වාර්තා වේ.

කේට් ආදිපාදවරියගේ පියා වන මයිකල් මිඩ්ල්ටන් විසින් ඔවුන්ගේ නිවසේ උද්‍යානයේදී මෙම ඡායාරූප ගෙන තිබේ. මෙම ඡායාරූප වල විලියම් හා කේට් ගේ සුරතලා වන කළු කොකර් ස්පැනීල් වර්ගයේ ලූපෝ ද මිඩ්ල්ටන් පවුලේ සුනඛ සුරතලා ද දක්නට ලැබේ.


කෙන්සිංටන් මාළිගාව විසින් මෙම ඡායාරූප නිල වශයෙන් මාධ්‍ය වෙත ලබාදී තිබේ. කෙසේ වෙතත්, ජෝර්ජ් කුමරුගේ උපතෙන් පසුව ඔහුව මහජනයා හට පෙන්වූ අවස්ථාවේදී ඔහුගේ ඡායාරූප ලොව පුරා මාධ්‍ය වල පල විය.

දරු උපතෙන් පසුව පළමු වරට මාධ්‍ය සාකච්ඡාවකට ද ඊයේ (19) විලියම් කුමරු පෙනීසිටි අතර, සී.එන්.එන්. පුවත් සේවය හා පැවති මෙම සාකච්ඡාවේදී ඔහු පවසා තිබුනේ සිය පුතු දකින විට ළමා වියේ සිටි තමා හා සිය සහෝදර හැරී කුමරු සිහි වන බවයි.

 
 

0 comments:

Post a Comment