Pages

Subscribe:

Ads 468x60px

අනර්කලී ආකර්ෂාගේ ඇමරිකන් ආතල් !

ඇමරිකාවේ රූගත කෙරුණ රෝයිද සිල්වා අධ්‍යක්ෂණය කළ 'සිහින ලොවක්' චිත්‍රපටයේ චරිත මවන්නට ගිය ජනපි‍්‍රය සිනමා නිලි, දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ෂා ඩොලර් 300 ක් නිෂ්පාදකයාට ණය වී පැමිණි පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලංකිකයකුට ඇය මෙසේ ණය වී පැමිණ ඇති අතර, මේ ඩොලර් 300 ණයවී ඇත්තේ ඇගේ මව ඇමරිකාවට ගෙනයාමට අදාල පුද්ගලයාගෙන් ණයට ගත් ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය සදහා බව පැවසෙනවා.

ඇය ආරක්ෂා කිරීමට යැයි පවසමින් මව අනර්කලී සමග ඇමරිකාවට ගොස් ඇති අතර, අදාල චිත්‍රපටයේ නිෂ්පාදකයා මුල සිටම මවගේ ගුවන් ප්‍රවේශපත්‍රයේ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


පසුව අනර්කලී පවසා ඇත්තේ එම ප්‍රවේශ පත්‍රය නිෂ්පාදකයාගේ වියදමින් ලබාදෙන ලෙසත් තමා හා මව ඇමරිකාවට ගොඩ බැස්ස මොහොතේදීම එය නැවත ලබා දෙන බවත්ය.

කෙසේවුවද අනර්කලී ඇමරිකාවට ගිය පසු එම මුදල ගෙවීම දින කිහිපයක් පැහැර හරිමින් සිටි බැවින් අදාල නිෂ්පාදකයා ඇය ඇමරිකාවට පැමිණ ගෙවුණු සිව්වැනි දිනයේදී ඒ පිළිබදව ඇගෙන් විමසා
තිබෙනවා.

ඉන් පසුව ඇය හා මව නිෂ්පාදකයාට පලු පැලෙන්නට බැණවැදී
තිබෙනවා. පසුව රොයි හා ඔහුගේ බිරිය සුමනා අමරසිංහගේ මැදිහත් වීමෙන් මේ ගැටුම සමතයකට පත්කර මුලින් පොරොන්දුවූ පරිදි මවගේ ගුවන් ප්‍රවේශ පත්‍රයේ මුදල් ගෙවීමට එකග කරගෙන තිබෙනවා.

කෙසේවුවද අනර්කලී අදාල ගුවන් ප්‍රවේශපතේ සම්පූර්ණ මිල ගෙවා නොමැති බවත් ඇය එය ගොවා ඇත්තේ ඩොලර් 300ක හිගයක් සහිතව බවද
පැවසෙනවා.

මේ අතර, අනර්කලී හා මව අවසන් මොහොත දක්වා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රවල මුල් පිටුව යැවීම දිනෙන් දින ප්‍රමාද කිරීම හේතුවෙන් ඔවුන්ට වීසා ලබා ගැනීමේදීද ගැටුලු ඇතිවූ බවද වාර්තා වෙනවා.

සංගීත්ගේ තනුවකට මේ චිත්‍රපටය සදහා අනර්කලී වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කර ඇති අතර, එම ගීතය හා සමාන ගීතයකට තමා මීට පෙර පෙනී සිටියේයැයි කියමින් එහි රගපෑමට නොහැකි බව පවසා අධ්‍යක්ෂ රෝයි සමග ද අනර්කලී මත ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

පසුව එසේ නම් තමා වෙනත් නිළියක් සොයා ගන්නම් යැයි කී රොයි අනර්කලී හා මව ඇමරිකාවට ගෙන්වා ගන්නට වැය කළ ගුවන් ටිකට් පත්වල මුදල් ඉල්ලා
තිබෙනවා. පසුව අනර්කලී එම ගීතයට රගපෑමට එකගවී තිබෙනවා.

අනර්කලී මෙසේ රෝයි හා සුමනාට ගෙම්බර් දමා ඇත්තේ රෝයි මීට පෙර අධ්‍යක්ෂණය කළ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් (it's a matter of love) චිත්‍රපටයේ නොමිලේ රගපෑම නිසා බව පැවසෙනවා.

මේ අතර, අනර්කලී ඇමරිකාවේ රූගත කිරීම් සිදුකෙරෙද්දී ලංකාවෙන් ගිය සියලු නළු නිළියන් වෙනුවෙන් අත්සන් කරගන්නා ලද පෙරොන්දු පත්‍රයටද අත්සන් නොකර පලාගොස් සිටි බව
පැවසෙනවා.

ඇය එම චිත්‍රපට කණ්ඩායමේ කිසිවකුට නොකියා රාත්‍රී සමාජ ශාලා හා ශ්‍රී ලංකිකයන්ගේ සාදවලට යාම හේතුවෙන්ද රොයි හා සුමනා අපහසු තාවයට ලක්ව සිටි බව ලොස්ඇන්ජලීස් හා ශාන්ත බාබරා ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මොවුන් යළි ශ්‍රි ලංකාවට පැමිණියේ රෝයි හා සුමනාට නොකියා බවත්, අදාල සිනමා පටයේ තවත් පුංචි කොටස් කිහිපයක් රූගත කිරීමට තිබූ බවද වාර්තා
වෙනවා. කෙසේවුවද ඔවුන් ජුලි 31 වැනිදා යලි පැමිණෙන බව චිත්‍රපටය ආරම්භයේදීම පවසා තිබූ බවද පැවසෙනවා.

අනර්කලී රෝයි ද සිල්වා මීට පෙර අධ්‍යක්ෂණය කළ ධන ඝෘණ, ද ලාස්ට් චාන්ස්, සොදුරු වසන්තය හා ඉට්ස් අ මැටර් ඔෆ් ලව් (it's a matter of love) යන සිනමා පට හතර සදහාම රංගනයෙන් දායකවී
තිබෙනවා. රෝයිගේ සිනමා දිවියට වසර 50ක් වන බවද මේ අතර වාර්තා වෙනවා.

'සිහින ලොවක්' චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා වන්නේ ක්ලීටස් මෙන්ඩිස් වන අතර ඔහුද අනර්කලීගේ අදාලා හැසිරීම් රටාව සම්බන්ධයෙන් කලකිරීමෙන් ඉන්නා බව අප වෙත වාර්තා වෙනවා.


AnarkalliAakarssha 600px 20 08 13 04
AnarkalliAakarssha 600px 20 08 13 03
AnarkalliAakarssha 600px 20 08 13 02
AnarkalliAakarssha 600px 20 08 13 05
AnarkalliAakarssha 600px 20 08 13 01

0 comments:

Post a Comment