Pages

Subscribe:

Ads 468x60px

ගයාන් පියාට පිහියෙන් ඇණ තුවාල සිදු කල පුවත ගැන චතු කතා කරයි.

ඒක මගේ ජීවිතය හා සම්බන්ධ දෙයක්...

මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නළු නිළි යුවල බවට පත්ව සිටින්නේ චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලකයි. 

ඔවුන් දෙදෙනාගේ පලහිලව්වක් ඇති බව මාධ්‍ය විසින් නිතර නිතර මතු කිරීම ඊට හේතුවයි. කෙසේ වුවද මෑතකදී චතුරිකාගේ පියා හා ගයාන් අතර ගැටුමක් ඇතුවූ බවටද මාධ්‍ය වාර්තා පැතිරුනා

මේ සම්බන්ධයෙන් චතුරිකා හා ගයාන් සරසවිය පුවත් පතට පවසා තිබු විස්තරය පහතින්.

චතුරිකා ඔබ මේ දවස්වල මොකද කරන්නේ?

‘පසුගිය දවස්වල නම් මම පොඩ්ඩක් නිවාඩුවක් ගත්තා. ඒ මගේ පවුලේ වැඩ කටයුතු රාශියක් නිසා. ‘හිරු තනි වෙලා’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කළා. තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වේවි.’

ඔබගේ නම හා පුංචි තිරයේ ජනප්‍රිය මෙන්ම කුසලතා සපිරි රංගන ශිල්පියකු වන ගයාන් වික්‍රමතිලකගේ නම් සම්බන්ධ කරගෙන පැතිර යන කට කතාව පිළිබඳ ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

‘ඒ ගැන මුකුත්ම මං කියන්නෙත් නෑ. මොකද හේතුව කියලා කිව්වොත් පළමු කාරණය ඒක මගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ දෙයක්. දෙවැනි කාරණය තමයි මේ වෙලාවේ ගැටලු සහගත කාරණයක් විසඳා ගන්න තිබීමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්න මම කැමැති නැහැ.’

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

‘ජීවිතය ගැන ප්‍රශ්නයක් නෑ. ජීවිතය හොඳයි. ලස්සනනයි, සුන්දරයි. සුපුරුදු විදියටම ජීවිතය ගෙවිලා යනවා.’

ඔබ මෙතෙක් ජීවිතයේ ගත්ත තීරණ සම්බන්ධයෙන් පසුතැවීමක් තියෙනවද?

‘මම ජීවිතයේදී ගත්ත තීරණවලින් එකක් හෝ දෙකක් පිළිබඳ මට සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් ඒ තීරණ සම්බන්ධයෙන් මම පසුතැවිලි වෙන්නේ නෑ. මොකද මම හිතන්නේ අප ගන්නා තීරණ නිසා ලැබෙන්නේ අනාගතයට හොඳ පාඩමක් කියලා. 


ඉතිං අපි දවසින් දවස බොහෝ දේ ඉගෙන ගන්නවානේ. එතකොට මම හිතන්නේ පාසලෙන් හෝ කොයි තරම් සල්ලි වියදම් කිරීමෙන් හෝ ඉගෙන ගන්නට නොහැකි වූ දේවල්. 

අපට ඉගෙන ගැනීමට හැකි වන්නේ ජීවිතයෙන් බවයි. ඉතිං මම ඒ ගැන පසු තැවන්නේ නෑ. එතැනින් පස්සේ එවැනි දේ නොවෙන්න කටයුතු කරගෙන අධිෂ්ඨානයෙන් ඉදිරියට යන එකයි මම නම් කරන්නේ’.’

ඔබගේත්, රොෂාන්ගේත් ආදර සබඳතාවය ගිලිහී යෑම පිළිබඳව මොකද ඔබ සිතන්නේ?

‘මං ඒක ගැන මොකුත්ම හිතන්නේ නෑ. හිතන්න එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. මිනිස්සුන්ට යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් එක වළක්වන්න කාටවත් බැහැ. යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වේවි. 


වෙන කවුරුත් කෑ ගැහුවත් සිද්ධ වෙන්න තියෙන දේ වළක්වන්න ඒ අයටත් බෑ. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මේ සියලු දේ සිද්ධ වෙන්නේ පව්, පින් අනුවයි. මම වැරැද්දක් කරනවා නම් ගෙනියන්නේ මමයි.

එහෙම කියලා ඒක වෙන කවුරුවත් ගෙනි යන්නේ නෑ. අනිත් අයත් තමන් කරන දේ ගැන තම තමන්ගේ හිත් දන්නවා ඇති. නමුත් අපට හෘද සාක්ෂියට බොරු කරන්න බැහැනේ. අපට මාධ්‍යයට බොරු කියන්න පුළුවන්. නෑදෑයන්ට, අනිත් අයට බොරු කියන්න පුළුවන්.

නමුත් හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමුන් ගත්ත තීරණය හොඳ හෝ නරක වුණත් තමන් අරන් යාවි. ඒ වගේ තමයි පිටින් ඉඳන් බලාගෙන ඉඳලා තීරණයක් ගත්තත්, මේ සමාජය කොයි තරම් කෑ ගැහුවත්, සමාජයට ඕන දේ හෝ ලෝකේ ඉන්නා කිසිම කෙනෙකුට ඕනෑ විදියටවත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.’

ඒ කියන්නේ ඔබ දෙපළ හිතවත්කමින් කතාබහ කරලා නොගැළපෙන නිසා වෙන් වුණා කියලද?

‘හිතවත්කමින් කතාබහ කරලා එහෙම එකක් තිබුණේ නැහැ. නීත්‍යානුකූලව වෙන් වුණා. හැම දෙයකටම නීතියක් තියෙනවා. ඒ නීතිය කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැනේ.’

නැවතත් ඔබ ආදරවන්තියක් වේවිද?

මේ ලෝකේ යන එක නවතින්නේ නැහැනේ. මේ යන විදියට දිගටම යනවා. මගේ පෙර පින් පව් අනුව එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් වේවි. නොවෙන්න තියේ නම් නොවේවි.’

ඔබ ඔය පවසන්නේ අවිවාහකව සිටින බවද?

‘එහෙම නෑ.’


මේ ගයාන් වික්‍රමතිලක සරසවිය පුවත්පතට පවසා තිබු විස්තරය.
 
ගයාන් මේ දවස්වල මොකද කරන්නේ?

‘මේ දවස්වල ‘චංචල රේඛා’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණා. ඒකත් එක්ක වැඩ කළා. ‘හිරු තනි වෙලා’ ටෙලි නාට්‍යයත් නැවත පටන් ගන්නවා.

ගයාන් පිළිබඳ ක්ෂේත්‍රයේ කට කතාවක් පැතිරිලා යනවා. ඒක ඇත්තද?

‘කටකතා කියලා ඒකට ඈදිච්ච දේවල් තියෙනවා. නැති දේවල් තිබෙනවා. මං කොහොමත් සමහර දේ ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒත් සමහර දේවල් මම ප්‍රතික්ෂේප කරනවා. ගොඩක් අයට කට කතා කියන දේවල් හැදෙනවා. නමුත් මම පිළිබඳ ක්ෂේත්‍රයේ තියෙන දේවල්වල සමහර දේවල් ඇත්ත. සමහර දේවල් අමූලික බොරු.’

මොකක්ද ඒ ඇත්ත දේවල්, මොකක්ද ඒ බොරු දේවල්?

‘ඒ ගැන තව ටික දවසක් ගියාට පස්සේ කතා කරමු. එතකොට මම බොරුව මොකක්ද, ඇත්ත මොකක්ද කියලා හරියටම පැහැදිලිවම කියන්නම්.’

ඔබයි ජනප්‍රිය නිළියක් ලෙස පුංචි තිරයෙහි රඟන චතුරිකා පීරිස්ගේ නම් සම්බන්ධ කරගෙන යන කතාව පිළිබඳ මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?

‘ ඒ ගැන කියන්න දෙයක් නෑ. දැන් අවුරුද්දක් තිස්සේ ඒ ගැන කතා කියනවා. කතා හදනවා. ඒගොල්ලන්ම උත්තර දෙනවා. ඒගොල්ලන්ම ප්‍රශ්න අහ ගන්නවා. ඒ වගේ දෙයක් තමයි ඔය කට කතා හදන සහ කියන අය අතරේ තිබෙන්නේ. ඒකට මම කිසිම උත්තරයක් දෙන්නෙත් නෑ.

ඒකට මම මෙන්න මෙහෙමයි කියලා කතා කරන්න යන්නෙත් නැහැ. මොකද මං ඒ ගැන කතා කරන එක තේරුමක් නැති දෙයක් කියලා හිතලා තියෙනවා. ඒකට උත්තර දෙන්න හා ප්‍රශ්න අහන්න කට්ටිය ඉන්නවානේ. ඒ අය ඒකට උත්තර දේවි. කතා කරාවි. මම මගේ ගමන යනවා.’

ඒ කතාව ඇත්තක්ද කියලා ඔයාගෙන් ඇහුවොත්?

‘ඒක තමයි මම කිව්වේ. ඒ හැම දේකටම මම උත්තරයක් දෙනවා. හැබැයි අද හෙට නෙවෙයි. ඒකට තව ටිත දවසක් යාවි. එතකොට හරි උත්තරයක් දෙනවා.’

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද?

‘ඒක ඇත්ත. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. නමුත් මේක ගින්නක් නෙවෙයිනෙ. මිනිස්සු මේක ගින්නක් කරගෙනනේ. ඒ හින්දා මේක මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නයක් නේ. මට ඒක ගින්නක් නෙවෙයි. මට ඒක අදාළ නෑ.’

පසුගිය කාලයේ ක්ෂේත්‍රයේ විවිධ අය සම්බන්ධයෙන් පැතිරිලා ගිය කටකතා අද ඇත්ත වෙලා තියෙනවා. ඒ අනුව ඔයා පිළිබඳ යන කතාවක් ඇත්ත වුණොත්?

‘ඒක තමයි මම කියන්නේ. ඇත්තක්ද නැත්තක්ද බොරුවක්ද මොකක්ද කියන එකට මට තව ටික දවසක් දෙන්න. මම ඒක වෙලාවට කියන්නම්.’

ඇයි ඒකට වෙලාවක් ගන්නේ?

‘වෙලාවක් ගන්නේ එක ප්‍රශ්නයක් උසාවියේ තිබෙන නිසයි. ඒ වගේ දේවල් ස්වාධීනව විසෙඳන්න ඕනෑ. හැම දෙයක්ම පැහැදිලිවම. ඒකට මම උත්තර දෙන්න බැඳීලා ඉන්නවා නීතිඥයා හරහා උසාවියේ දී. ඒ දේවල් එතනයි කතා කරන්න ඕනෑ. එතනයි හෙළි වෙන්න ඕනෑ.

එතැන නඩු විභාගයක් යන අතරේ මම පත්තරවලට කතා කරන්නට යෑම මඟින් අනවශ්‍ය කතාවක් වෙන්නේ. අනෙක් එක මම කැමැති නෑ ඒකට ඒතරම් ලොකු ප්‍රචාරයක් ගන්න.

මගේ රංගන ජීවිතය පිළිබඳ මට හොඳ ප්‍රචාරයක් තිබෙනවා. අද වෙන කොට මම එහි හොඳ තැනක ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ පැත්තෙන් මට අවශ්‍ය ප්‍රසිද්ධයක් ගන්නවා මිසක් ඔය ප්‍රශ්නය හරහා මම කිසිම ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නෑ.’


චතුරිකා ගේ පියාට ගයාන් පිහියෙන් ඇන්නාද?

0 comments:

Post a Comment