Pages

Subscribe:

Ads 468x60px

දළඳා කරඬුව සමඟ දයාසිරිගේ පෝස්ටරයට විරෝධය

වයඹ පළාත් සභා එ.ජ.නි.ස අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා බුද්ධාගමට අගෞරවයක් සිදුවන අයුරින් දළදා වහන්සේ තැන්පත් කර ඇති රන් කරඩුව පවා තම ප‍්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන ඇති බවට එ.ජා.ප සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා චෝදනා කරනවා.

මැලිසිරිපුර නගරයේ පැවති ප‍්‍රචාරක රැස්වීමකදී පෙරේරා මහතා මෙම චෝදනාව එල්ල කළේ දයාසිරි ජයසේකර මහතාගේ රුව සමග කරඩුවේ ඡයාරූපයක් සහිත මැතිවරණ ප‍්‍රචාරක ස්ටිකරයක් රැස්ව සිටි ජනතාවට ප‍්‍රදර්ශනය කරමිනි.


බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන උතුම් දළදා වහන්සේ මේ ආකාරයට මැතිවරණ ප‍්‍රචාරයට යොදාගෙන තිබීම බෞද්ධයෙකුට නොගැලපෙන පහත් කි‍්‍රයාවක් බව ජයවික‍්‍රම මහතා පෙන්වා දුන්නේය.

0 comments:

Post a Comment