Pages

Subscribe:

Ads 468x60px

පිළිකා රෝගයෙන් පීඩාවිදි සුනිලා අබේසේකර සමුගනී.

සිංහල සිනමා පසුබිම් ගායනය මෙන්ම දේශපාලන ගීත කලාවේ සුවිශේෂී වූ කටහඬකට උරුම කම් කී සුනිලා අබේසේකර නම් වූ අපූර්ව ගැහැනිය 09වන දින සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

ඇය පිළිකා රෝගයෙන් කලක සිට පීඩා වින්දාය.

ඇයගේ හඬ පෞරෂය ට සමාන හඬක් අදටත් සිනමාවේ පසුබිම් ගායනයට මෙන්ම විකල්ප ගීත ධාරාවට සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ තරමටම ඇයගේ හඬ දුර්ලභ හඬක් විය. 


සුනිලා ගැයූ 'හෙමින් සැරේ පියා විදා' ගීතයත් 'උදුම්බරා හිනැහෙනවා ගීතයත් 'ලාංකේය සිනමා පසුබම් ගීතයේ අමරණීය ගීතය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ 'නිදිනැති නදියේ' විකල්ප ගී තැටියේද 'මානසවිල ඔපෙරාවේද' ඇයගේ ප‍්‍රතාපවත් හඬ අපට ඇසිනි. 

සුනිලා අබේසේකර ගායිකාවක පමණක් නොව ඇයගේ හ`ඬ බාවිත කරමින් මෙරට විවිධ වැඩ සටහන් ඉදිරිපත් කළාය. ඇය ලොව ප‍්‍රකට මානවහිමිකම් ක‍්‍රියාකාරිණියක් ද විය.

එමෙන්මසුනිලා මෙරට ස්ත‍්‍රී ව්‍යාපාරය ආරම්භ කරමින් ස්ත‍්‍රීන් ට මාධ්‍ය තුළට පැමිණීමේ අවකාශ ලබාදෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොව පුරා හඬක් නැගූ ප‍්‍රකට ප‍්‍රභල සාමජ ක‍්‍රියාකාරිනියක්ද විය.

1971 විකල්ප දේශපාලනය සමගින් ඇය දේශපාලනයට පිවිස අනතුරුව සමාජ දේශපාලන ක‍්‍රියාකාරිණියක් ලෙස මිය යන තුරුම සේවය කළාය. ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇය දිගින් දිගටම අරගලයක නිරත විය. සුනිලා 63වියට පා තැබුවේ ද මෙම මස 04වන දින දීය. 


ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. සුනිලා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ නිර්මාතෘ ද විය. ඇයගේ දේහය මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමණි මාවතේ නිවසේ 10වන දින දිවා කාලයේ සිට තැන්පත් කර තැබීමට නියමිතය.

අවසන් කටයුතු බදාදා සවස මහරගම ගොඩිගමුව කනත්තේදී සිදු කිරීමට නියමිතය. ඇයගේ නික්ම යාම පිළිබඳ අපගේ (Hot And Fast News) බලවත් ශෝය මෙසේ ප‍්‍රකාශ කර සිටින්නෙමු.

0 comments:

Post a Comment