Pages

Subscribe:

Ads 468x60px

වෙරළේ ඇවිදිමින් සිටි විදුහල් පතිනියගේ පස්ස මිරිකලා

ගල්කිස්ස ප්‍රදේශයේ උසස් පිරිමි විද්‍යාලයක ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියගේ පස්චාත් භාගය මිරිකා ඇයට ලිංගික අතවරයක් කළ බවට ගුරුවරයකුට විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

හිටපු චීවරධාරියකු වන දැනට ගුරුවරයකු ලෙස කටයුතු කරන සැකකරුවකුට එරෙහිව ගල්කිස්ස පොලිසිය මෙම නඩුව ගොනුකර තිබුනා.

පැමිණිලිකාර විදුහල්පතිනිය ව්‍යායාම කිරීම සදහා කොට කලිසමකින් සැරැසී ගල්කිස්ස වෙරළේ ඇවිද යන අවස්ථාවේ මුහුදේ නාමින් සිටි මෙම හිටපු චීවරධාරියා ඇය පසුපස ගොස් ඇයට අයුතු යෝජනාවක් කරමින් ඇගේ පසුපස මිරිකා
තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇය විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම හිටපු චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා
තිබුනා.

නඩුව පසුගිය 06වනදා ගල්කිස්ස අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලිකාර විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්ජිත් දහනායක මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය කෙටියෙන් සමථයකට පත්කර ගැනීමට පැමිණිල්ල කැමැත්ත ප්‍රකාශ කර සිටින බව පැවැසීය.

මෙම අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තරංග ද සිල්වා මහතා පවසා සිටියේ විත්තිකරු රජයේ ගුරුවෘත්තියේ යෙදී සිටින බැවින් වරද පිළිගැනීමෙන් ඔහුට අගතියක් විය හැකි බවයි.

0 comments:

Post a Comment