Pages

Subscribe:

Ads 468x60px

දොස්තර වෙන්න ගිය සහේලි ලංකාවේ ඇයි...

ඇය ලංකාවට පැමිණ ඇත්තේ සය මසකට පසුව වන අතර ජෝර්ජියාවේ ටිබිලිසි වෙද්‍යවිද්‍යාලයේ සිවුවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටී.

ගේ සම්පූර්ණ අධ්‍යාපන කාලය වසර 06කි. ඉන් වසර 05ක් අධ්‍යාපන කටයුතු වලටත් එක් වසරක් ප්‍රායෝගික පුහුනුව සදහාත් ගතවෙන බවද වාර්තා වෙනවා. කෙසේවුවද ලබන 10 වැනිදා ඇය නැවතත් ජෝර්ජියාවට යාමට නියමිත බවද පැවසෙනවා.

ගෙ සින්දු දැන් ඇමරිකානු, අසර්බයිජාන්, ඉන්දියානු හා අප්‍රිකානු යහළුවනුත් එහිදී අසන බවද ඇය පුවත් පතකට පවසා තිබෙනවා. ඇය රුසියානු භාෂාවෙන්ද ගීත දෙකක් ගායනා කර ඇති බවත්, ඇගේ මීළග ගීතය බුදු ගුණ ගීතයක් බවත් වාර්තා වෙනවා.


අපි මේ කතා කරන්න යන්නෙ සහේලි ගැන. ඒ කියන්නෙ, “සිව් මහ බඹුන් දුන් විවරනින් අපටත් රජෙක් පහළව ඇතේ...” ගීය ගයමින් එක රැයකින් මුළු රටේම හදවත් දිනාගැනීමට සමත් වුණු දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගෑනු ළමයා ගැන. 

 
පහුගිය දවස්වල ඇය ගැන ඒතරම් අහන්න දකින්න ලැබුණෙ නැහැ. ඒ ඇය ජෝර්ජියාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරමින් සිටින හින්ද. කොහොම හරි පසුගිය දවසක ඇය කෙටි නිවාඩුවකට ලංකාවට ආ ආරංචිය අහලා අපිත් ඇයව හොයාගෙන පුංචි කතාබහක යෙදුනා.

සහේලි කොපමණ කලකට පස්සෙද ලංකාවට ආවේ?
“මම මාස හයකට පසුවයි ලංකාවට ආවේ. ඒත් මේ මාසෙ දහවෙනිදා ආපසු ජෝර්ජියාවට යනවා.”

කොහොමද දැන් ඉගෙනීමෙ කටයුතු?
“ජෝර්ජියාවේ ටිබිලිසි රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ මේ මගේ හතරවන වසර ගතවෙන්නේ. මුළු කාලසීමාව වසර හයක් වෙනවා. වසර පහක් අධ්‍යාපන කටයුතුවලට ගතවෙනවා. ඉතිරි වසර ප්‍රායෝගික පුහුණුව සඳහා යොදවෙන්නේ.”

සහේලිගේ ගීත විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන් අතර ජනප්‍රියද? ඒ අය ඔබගේ කලා කටයුතුවලට සහයෝගය දක්වනවාද?
“මාත් එක්ක ඉන්න ගොඩාක් යහළුවන් මගේ ගීත අසනවා. මම විශ්වවිද්‍යාලයේ පවත්වන ටැලන්ට් ෂෝවලටත් සහභාගි වෙනවා. ඒ වගේම ඒ අය මගේ ගීත අගය කරලා මාත් සමග කතා කරනවා.


ජෝර්ජියාවේ ශ්‍රී ලාංකික යහළුවෝ විතරක් නමෛයි ඇමෙරිකා, අසර්බයිජාන්, ඉන්දියා, අප්‍රිකානු ආදී බොහෝ රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. ඒ අය මගේ ගීත රස විඳිනවා. අපි හරිම සතුටෙන් කාලය ගත කරන්නේ.”

ජෝර්ජියානුවෝ ශ්‍රී ලාංකිකයින් ගැන මොනවගේ ආකල්පයක්ද දරන්නේ?
“ඔවුන් අපිට ගොඩාක් හොඳින් සලකනවා. ඒකට හේතුව හැටියට ඔවුන් පවසන්නේ ශ්‍රී ලාංකිකයින් විදේශිකයන්ට හරිම ගෞරවාන්විතව සලකනවාලු. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරවලටත් දක්ෂ ජාතියක් කියලා ඔවුන් පවසනවා. වෙනත් රටවලින් පැමිණි සිසුන්ට වඩා අපිට මේ රටේ හොඳ පිළිගැනීමක් තිබෙනවා.”

විශ්වවිද්‍යාල ජීවිතේ වගේම විදෙස් රටක ගතකරන ඔබේ කාලය මොන අයුරින්ද ගතවෙන්නේ?
“මම උදේ පාන්දරම නැගිටිනවා. උදේ 7.15 වෙනකොට අපේ නවාතැනෙන් පිටවෙනවා. විශ්වවිද්‍යාලය උදේ අට වෙනකොට ආරම්භ වෙනවා. උදේට නම් අපි හැමෝම කෑම පිළියෙළ කරගන්නවා. දවල් කෑම එක සහ රෑ කෑම එක සතියටම එකපාරක් පිසලා ශීතකරණයේ දාලා තියනවා. 


අපි උදේට ගියාම ආයේ හවස පහට ආපසු නිවසට එන්නේ. ඒ ආවට පස්සෙ හරිම මහන්සියි. දවල්ට උයපු කෑම එකම රත්කරලා රෑටත් කනවා. ඊට පස්සෙ රෑ වෙනකම්ම පාඩම් වැඩකටයුතුවල නිරත වෙනවා. සමහර දාට කඩෙන් කෑම ගෙනත් කනවා. 

ඒ වගේම අපි යාළුවෝ කට්ටියම හවසට කැම්පස් එක ඉවරවෙලා බඩු ගන්න ටවුන් එකට යනවා. ඒ ගමන හරිම විනෝදයි. ඒ විතරක් නමෛයි මේ හැම දෙයක්ම මම හරිම සතුටෙන් කරන්නෙ. හරිම විනෝදයෙන් පිරුනු කාලයක් මම ගත කරන්නේ.”

ජෝර්ජියාවත් ශ්‍රී ලංකාව වගේම සුන්දර රටක් වෙන්න ඇති නේද?
“ඔව් හරිම සුන්දර රටක්. නගරයට වඩා ගම්බද පෙදෙස් හරිම ලස්සනයි. ඒ වගේම ඒ රටේ මිනිස්සු හරිම සාමකාමීයි. දරුවන් දෙමව්පියන් අතර හොඳ බැඳීමක් තිබෙනවා. මේ රටේ සෘතු භේදය තිබෙනවා. 


රස්නෙ කාලෙට නම් ජෝර්ජියාව ශ්‍රී ලංකාවට වඩා ගොඩාක් රස්නෙයි. ඒ වගේම තමයි වසන්ත කාලෙට ඒ රට හරිම ලස්සනයි. රෝසමල් හැමතැනම ඉබේ වැවිලා තිබෙනවා. හරිම ලස්සනට මල් පිපිලා තිබෙනවා. 

පලතුරු වලිනුත් අඩුවක් නැහැ. හරිම සුන්දර රටක් ඒක.හිම වැටෙන කාලෙට නම් ටිකක් අමාරුයි දරාගන්න. අපි කැම්පස් එකේ යාළුවොත් එක්ක හිම ක්‍රීඩාවලටත් යනවා. ඒ හැමදෙයක්ම හරිම සුන්දරයි.”

සහේලි ගොඩාක්ම ජනප්‍රිය වුණේ මහරජාණනි ගීතයත් සමගනෙ. ආයෙමත් ඒ වගේ ගීතයක් කිරීමට අදහසක් නැද්ද?
“මම බුදු ගුණ ගීතයක් කරනවා මේ දවස්වල. ඒ ගීතය රචනා කළේ ගංගාරාමේ සීවලී හාමුදුරුවන් වහන්සේ විසිනුයි. ඒ වගේම සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන මහතා විසින්.”

සහේලි කිව්වා නේද වෙනත් භාෂාවලිනුත් ඔබ ගීත කිහිපයක් ගැයුවා කියලා.
“ඔව් මම රුසියානු භාෂාවෙන් ගීත දෙකක් කරලා තිබෙනවා. ඒ ගීත මගේ වබේ අඩවියෙන් ඕනෑනම් බලන්න පුළුවන්. ඒ වගේම මගේ අදහසක් තිබෙනවා ජපන් භාෂාවෙන් ගීතයක් ගයන්න. 


මම මේ පාර ආව වෙ‍ලේ එකක් කරන්න හිතාගෙන හිටියේ නමුත් මට කල්වේලාව මදි. විශේෂයෙන්ම ස්ටුඩියෝවල දිනයක් වෙන්කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. රෑ  දොළහටත් ඒ ස්ටුඩියෝ කාර්යබහුලයි. 

ඒ නිසා මම ලබන වසරේ පෙබරවාරි මාසයේ ලංකාවට ආවාම ඒක නිම කිරීමට හිතාගෙන ඉන්නවා. මලයාලම් ගීතයකුත් මට ලැබිලා තිබෙනවා. ඒකත් සූදානම් කරගෙන ඉන්නෙ ගායනා කරන්න. විවිධ භාෂාවන් වලින් ගීත ගායනා කිරීමට මම හරිම කැමතියි.”

අනාගතයේ ගායිකාවක් ලෙස ඉදිරියට යාමටද අදහස?
“නැහැ, මම කැමති වෛද්‍යවරියක් වෙන්න. මගේ ජීවිතේ ලොකුම ඉලක්කය ඒක. ගායනය මම විනෝදාංශයක් වශයෙන් කරන්නේ.”

සහේලි ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාව හදාරලා වෙනත් රටක වෛද්‍යවරියක් වීමටද අදහස?
“අ‍පෝ නැහැ. මම කැමති මගේ රටේ දුෂ්කර ප්‍රදේශයක රෝහලක සේවය කරන්න. දුෂ්කරතාවලින් පිරුණු මිනිස්සුන්ට සේවය කරන්න මම ගොඩාක් කැමතියි. මට ඇමෙරිකාවේ ස්ථීර පදිංචි අවසරයත් තිබෙන නිසා වසරකට සැරයක් එහෙත් ගිහින් එන්න ආසයි.”

ඔබ සුන්දර තරුණියක්. ඒ වගේම ජනප්‍රිය ගායිකාවක්. ඔබේ හිතගත් පෙම්වතෙක් එහෙම ඇති නේද?
“තවම නැහැ. මම කැමති ගතිගුණ තිබෙන කෙනෙක් මට තවම හමුවෙලා නැහැ. එහෙම කෙනෙක් ලැබුණදාට මම මගේ ආදරේ පුදකරනවා.”

දෙමව්පියන් ඔබගේ තේරීමට විරුද්ධ වුණොත්...?
“මගේ දෙමව්පියන් මට කියලා තියෙනවා මගේ හිතට හරියන කෙනෙක් ලැබුණදාට ඔවුන්ට පවසන්න කියලා. මගේ දෙමව්පියන් මගේ කැමැත්තට විරුද්ධ වෙන එකක් නැහැ. අනික මම අම්මලා කැමති නැති කෙනෙක්ව තෝරගන්නෙත් නැහැ.

0 comments:

Post a Comment