Pages

Subscribe:

Ads 468x60px

ජිප්සීස් සුනිල් ඇස්‌ රතු වෙන අයිටම් දෙක දැම්මේ ක්‍රිකට්‌ ආයතනයේ ලොක්කන්ගේ උවමනාවටලු

ක්‍රිකට්‌ ආයතනය විසින්ම සංවිධානය කරන ලද සම්මාන උළෙලකදී එම පරිපාලනයටම විවේචන එල්ලවීම වත්මන් ක්‍රිකට්‌ ආයතනයේ ශක්‌තිය කොතෙක්‌ද යන්න තීරණය කිරීම සඳහා හොඳ මිනුම් දණ්‌ඩක්‌ වන බව ක්‍ෂේත්‍රයේ දැන් කතා බහට ලක්‌ව තිබෙනවා.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අගය කිරීම වෙනුවෙන් ඉකුත්දා පැවැති ඩයලොග් සම්මාන රාත්‍රිය රසවත් කිරීම සඳහා යොදාගෙන තිබූ ඇතැම් විශේෂාංග වලින්ම එම ස්‌ථානයට පැමිණ සිටි ක්‍රිකට්‌ බලධාරීන්ට සහ ක්‍රීඩකයන්ට දමා ගැසීම ඉතාම කනගාටුදායක තත්ත්වයක වුණා.

අදාළ සම්මාන උළෙල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පූර්ණ අනුදැනුම මත සංවිධානය කරනු ලැබූවක්‌ වන බැවින් ක්‍රිකට්‌ පාලකයන්ව විවේචනය කෙරෙන ආකාරයේ සියලුම විශේෂාංග වල පූර්ණ වගකීම ක්‍රිකට්‌ ආයතනය භාරගත යුතු වනු ඇත.


ජිප්සීස්‌ සංගීත කණ්‌ඩායමේ නායක සුනිල් පෙරේරා ප්‍රමුඛ තවත් කලාකරුවන් පිරිසක්‌ මෙම ඩයලොග් සම්මාන රාත්‍රියේදී විශේෂාංග කීපයක්‌ ඉදිරිපත් කළ අතර එම විශේෂාංග හේතුවෙන් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසකගේ ඇස්‌ රතුවිය.

"මේ සම්බන්ධව අප වෙත  අදහස්‌ දක්‌වා සිටි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු, 'සුනිල් පෙරේරා කියන්නේ ඒ කාලෙ ඉඳන්ම හාස්‍ය මුසු කරමින් වේදිකාව මෙහෙයවන කෙනෙක්‌. ඒ එයා ඒ කාලෙ ඉඳන්ම කරගෙන ආපු විදිය. මෙතනදී ඔහුට වරදක්‌ කියන්න බැහැ. 


ඔහු වගේ කෙනෙක්‌ වේදිකාවට කැඳවන කොට ඔය වගේ දේවල් බලාපොරොත්තු විය යුතුයි. අනිත් එක පුස්‌ වෙඩිල්ල. මේක හරියට මඩක්‌ ගහන්න ප්ලෑන් කරල කරපු වැඩක්‌ වගෙයි' යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙම සම්මාන උළෙල සංවිධානය ෂෝ ටවුන් එන්ටර්ටේට්‌මන්ට්‌ නමැති ආයතනය විසින් සිදුකර තිබෙන අතර ඔවුන්ගේ සැලසුමට අනුව සුනිල් පෙරේරා හෝ පුස්‌වෙඩිල්ල යන විශේෂාංග දෙකෙන් එකක්‌ හෝ ඇතුළත් වී නොමැති බව සඳහන් වේ.

මෙහිදී ඔවුන් ගෙන්වා ගැනීම, ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල නිලධාරීන්ගේ උවමනාව මත සිදුවූවක්‌ බව මේ පිළිබඳව කරන ලද කරුණු අනාවරණයකදී අපට සොයාගත හැකි විය.

ඒ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ෂෝ ටවුන් එන්ටර්ටේට්‌මන්ට්‌ ව්‍යාපෘති කළමනාකරු මාලන් කෝල් මහතා සඳහන් කළේ 'ඔය වගේ උත්සවයක්‌ තියෙනකොට අපි සේවාදායකයාට කියනවා මෙන්න මේ මේ දේවල් ඇතුළත් කියලා. 


ඒකෙදී ඔය කියන විශේෂාංග දෙකම අපි ඇතුළත් කරලා තිබුණේ නැහැ. මේ විශේෂාංග දෙකම ඇතුළත් කළේ ක්‍රිකට්‌ බලධාරීන්ගේ දැඩි ඉල්ලීමක්‌ මත' යනුවෙන් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි කෝල් මහතා, 'ඔය අයිටම් දෙක දානකොටම අපි කිව්වා ගොඩක්‌ වෙලාවට ඕකෙ උවමනාවටත් වැඩි උසුලු විසුලු වෙනවා කියලා. 


ඒකෙන් කාට හරි හානියක්‌ වෙන්න පුළුවන් කියලා කිව්වා. අපි එහෙම කිව්වෙත් ස්‌ටේඡ් එකේදි කරන දේවල්වල වගකීමක්‌ අපිට ගන්න බැරි නිසයි' යනුවෙන් පැවැසීය.

අපට වාර්තා වන අන්දමට මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගෙන තිබෙන බවද සඳහන් විය.


ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත්‍රියේදී සුනිල් පෙරේරා මඩ ගැසූ ලොක්කන්ගේ ඇස් රතු වෙලාලු (වීඩියෝ) 

0 comments:

Post a Comment