Pages

Subscribe:

Ads 468x60px

දමිතාගේ හීනය ළඟදීම සබෑවෙන ලකුණු පහලවෙයි

දමිතා අබේරත්න දක්‍ෂ රංගන ශිල්පිණීයක් බව නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම පහුගිය කාලෙ දමිතට ප‍්‍රශ්නකාරී තත්ත්වයන් ටත් මුහුන දෙන්න සිදුවුණා ඇය විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධව සහ ඇයගේ සහෝදරයාගෙ ක‍්‍රියාවක් සම්බන්ධව.

කෙහොම වුනත් මේ දමිතා මේ සියලූ කටකතා අපහසුතා ප‍්‍රශ්න මැද්දෙ වෙනත් වැඩකටත් අතගහලා. ඒ තමා දැන් හුගක් නිළියන් කරන්න උත්සාහ කරණ ගීත ගැයිල්ල. දමිතනම් ගීත ගායනයට සම්බන්ධවුනේ ඇයගේ පාසල් කාලයේ සිටමයි.


"මම සංගීතය හදාරන්නේ කලා භූමියේදියි. එයයි මගේ පටන් ගැන්ම විදියට මා දකින්නේ.රෝහණ වීරසිංහ,ලක්ෂ්මන් විජේසේකර,ආනන්ද වීරසිරි කියනා ගුරුතුමන්ලා යටතේයි මා සංගීතය හැදෑරුවේ.


කුඩා කාලයේ පටන්ම මම හිතාගෙන හිටියේ නැටුම් ගුරුවරියක් හෝ සංගීත ගුරුවරියක් වෙන්නයි. සංගීත මධ්‍යම විභාගය දක්වා මා ඉගෙන ගත්තා. ඒත් විශාරද විභාගය ගන්නට මට හැකි වුණේ නැහැ. ඒ අනෙක් කටයුතුවල නියැළුණු නිසයි.

‘හිත පාරනා’ මියුසික් වීඩියෝ එක ළඟදීම එළිදැක්වීමට නියමිතයි. මේ දවස්වල එහි කටයුතුවලට මම බොහොම මහන්සි වෙනවා. මියුසික් වීඩියෝ එකේ ගීතය ගායනා කරලා අවසන්.

ඒ සඳහා අවශ්‍ය රූප රචනාව මේ 21 වැනිදා රූගත කිරීමටයි අප සූදානම් වෙන්නේ. ඒ කොළඹ අවට වගේම නුවරෙන් එහා දෙල්තොට ලුල්කඳුර කියන සුන්දර ප්‍රදේශයේ. රූප රචනාව සඳහා මම වගේම පුංචි ළමයෙක්, තවත් ශිල්පියෙක් සහභාගි වීමට නියමිතය.

රූප රචනය අවසාන කළ සැනින් මේ මාසයේ අවසානයේදී පමණ මා මියුසික් වීඩියෝව එළි දක්වන්නට කැමැත්තෙන් ඉන්නවා.ගීතය ලිව්වේ සජිත්.වී. චතුරංගයි. සංගීතය නිර්මාණය කළේ කසුන් මධුශංක මල්ලියි.

මීට කලින් මා ගීත කිහිපයක්ම ගයා තිබෙනවා.ඒ යුග ගායනා වශයෙන්. බන්දු සමරසිංහ,වෝල්ටර් ප්‍රනාන්දු වගේම එම්.එස්.ප්‍රනාන්දුගේ පුතා සමඟත් ගයලා තිබෙනවා. 


ඒ වගේම එක් ආයතනයකින් රුක්මණී දේවියගේ ගීත ගැයූ තැටියක් නිකුත් කළා. ටෙලි නාට්‍ය තේමා ගීතයක් ගැයුවා. මගේම කියලා මියුසික් වීඩියෝ එකක් මේ විදියට එළි දැක්වෙන්නේ පළමුවන වතාවටයි.

මගේ වෘත්තිය රංගනය වුණත් ප්‍රසංගවල සිංදු කියන්න මට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා මගේම ගීතයක් තිබුණා නම් කියන කාරණය කාලයක් පටන් මගේ සිතේ රැදුණා.මොකද සංගීත ප්‍රසංගයකදී මගේම ගීතයක් ගයන්න මට හැකියාව ලැබෙන නිසයි. ඒ කියන්නේ ඒක මට පෞද්ගලිකව හොඳයි.

ප්‍රසංග වේදිකාවකදී මම අනෙක් ශිල්පීන්ගේ ගීත ගායනා කළොත් ඒ එකක් හෝ දෙකක් පමණයි. නැතිනම් දමිළ,හින්දි, ඉංග්‍රීසි වැනි ගීතයි මා ප්‍රසංග වේදිකාවේ වැඩිපුරම ගයන්නේ. 


ඒ නිසා ප්‍රවීණයන්ගෙන් මට නම් එවැනි චෝදනාවක් එල්ල වෙන්නේ නෑ. මේක කොහොම නමුත් මගේ හිතේ කාලයක පටන් තිබුණු හීනයක්. මගේම ගීතයක් රසික රසිකාවන්ට තිළිණ කිරීමේ හීනය ළඟදීම හැබෑ වෙනවා.

ඇත්තටම ඒ හීනය සැබෑ වෙන්න මුල පුරන්නේ බොහොම අහඹු විදියටයි.දවසක් මට කසුන් මධුශංක මල්ලි කතා කරලා කිව්වා අක්කේ මම ඔයා වෙනුවෙන්ම මෙලඩි එකක් නිර්මාණය කළා කියලා. මට ඇත්තටම හිතා ගන්න බැරිව ගියා.


ඔහු සහෝදරයෙක් විදියට වගේම මුදල්ම මූලික කරගෙන සිටින සමාජයක මට හමු වූ අපූරු තරුණයෙක්. කසුන් මල්ලි කියන්නේ බොහොම හොඳ කෙනෙක්.ගීතය කරන්න කතා කළාට පස්සේ ඇත්තටම ඔවුන් පිළිබඳ මට ඇති වුණේ ගෞරවයක්.

අපි මේ සිංදුව කොහොම හරි කරමු කියන තැන ඔහු සිටියා. මේ ගීතයට මෙතරම් ගාණක් ඕනෑ කියලා නෙවෙයි මට කතා කළේ.හොඳ වැඩක් කරමු කියන තැනයි ඔහු නිතරම සිටියේ.

මේ ගීතයේ මගේ සිත් ගත්තේ මෙලඩි එකයි. ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය වුණාට පස්සෙයි මේ ගීතයේ පද නිර්මාණය වෙන්නේ. ඊට පස්සෙයි මම ගීතය ගැයුවේ.

මට ගොඩක් අවශ්‍යව තිබුණේ ප්‍රසංග වේදිකාවේදී ගයන ගීතයක්.ඒකට හරියට හරි යන්නේ මේ වගේ ගීතයක්.ප්‍රබුද්ධ ගීත වගේම බයිලා ගී,ජනප්‍රිය ගී කියන මේ සියල්ල ප්‍රිය කරන අය අප අතර ඉන්නවා.


ප්‍රබුද්ධයි කියන කොටස ඇතුළෙත්, බයිලා කියන කොටස ඇතුළේත්, කියන මේ සියල්ල ඇතුළේත්, ගීත කලාව ජනප්‍රිය රැල්ලේ කියලා කොටු කරලා දමන කොටසක් තිබුණට මම පුද්ගලිකව අදහස් කරන දෙයක් තිබෙනවා. 

ඒ මේ ඕනෑම ගීතයක් ජනප්‍රිය වෙන්නත් නොවෙන්නත් පුළුවන්. එය ගීතය මිනිස්සු වැලඳ ගන්නා ආකාරය අනුවයි වෙනස් වෙන්නේ.

‘චෝදනා ඕන තරම් එල්ල කරන්න පුළුවන් රටකනේ අපි ජීවත් වෙන්නේ. සංගීතය පිළිබඳ දන්න කෙනෙක් ගීතයේ අඩුපාඩු කිව්වොත් මම ඒක පිළිගන්නවා. මම ඕනෑම ගීතයකට කැමැති කෙනෙක්. 


ඒ ගී ප්‍රබුද්ධ යැයි,බයිලා යැයි ප්‍රභේදයකට ලක් කිරීමට මම අකැමැතියි. තරුණ ශිල්පීන් ගයන, නිර්මාණය කරන නිර්මාණවලට චෝදනා කර කර ඉන්නවාට වඩා එහි තිබෙන යමක් අගය කළොත්, ඔවුන් මීට වඩා යමක් කරන්න ඉදිරිපත් වේවි.

0 comments:

Post a Comment