Pages

Subscribe:

Ads 468x60px

"ඔරිබිට් ඔරිබිට්" කිය කියා නාසා රොකට්ටුවෙන් පැන්න ගෙම්බා

නාසා (NASA) ආයතනය විසින් අවසන් වරට ගුවන්ගත කළ රොකට්ටුවට අදාල ඡායාරූපයක් හේතුවෙන් විශාල ආන්දෝලනයක් ඇතිවී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වෙනවා.

එහි තිබුණේ පසුගිය 06 වැනිදා වොලෝප්ස් දිවයිනෙදී (Wallops Islands) ලෙඩී ( LADEE ) නම් රොකට්ටුව ගුවන් ගත කරන විට ඉන් පිටතට පැනගත් ගෙම්බකුගේ ඡායාරූපයකි.

මෙම ගෙම්බා රොකට්ටුව මුදාහරින ආදාරකයන්ගේ ඇති වතුර මල් සදහා ජලය සපයන ජල තටාකවල සිටි එකෙකු බවට සැක කෙරේ. කෙසේවවුද මෙම ඡායාරූපය මුලින්ම මුදාහැරි අවස්ථාවේදී එය සැබෑ ඡායා රූපයක් නොවන බවටද චෝදනා එල්ලවී තිබුනා.


කෙසේවවුද ජායාරූප විශේෂඥයන් විසින් එය සැබෑ ඡායාරූපයක් බව මේවන විට තහවුරු කර තිබෙනවා.

ඡායාරූපයේ සිටි ගෙම්බා නම් මෙතෙක් සොයාගත නොහැකි වී ඇති බවත්, එම සත්වයා අවසන් වරට කියූ වචනය වන්නේ "ඔරිබිට්, ඔරිබිට්" (Orrrbit, orrrbit ) යන්න බවද විදෙස් වාර්තාවල
දැක්වෙනවා.

0 comments:

Post a Comment