Pages

Subscribe:

Ads 468x60px

බර්ටි ප්‍රේමලාල් දිසානායක අභාවප්‍රාප්ත වේ

උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමන්ට කලක සිට පවතී අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු පැවසුවේය.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන අතර මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 59කි. කාලයක් තිස්සේ ඒ මහතා රෝගාතුරු වී සිටි අතර කොළඹ නිවසේ පසුවෙමින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. 


උතුරුමැද මහ ඇමැතිවරයා වශයෙන් ඒ මහතා 1999 වසරේ සිට 2012 වසර දක්වා කටයුතු කළේය. බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයා වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන සේවා ඇමැති ධූරය හොබවනු ලැබේ. 

දුමින්ද දිසානායක මහතා විවාහ වී සිටින්නේ අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතාගේ දියණියක සමඟින් ය. අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

0 comments:

Post a Comment