Pages

Subscribe:

Ads 468x60px

දුෂිත නගරාධිපතිට දුන් පට්ටම ජනාධිපති ගලවයි.

වංචා, දූෂණ ඇළු අක‍්‍රමිකතා ගණනාවකට වැරදිකරු වී සභික ධූරයෙන් හා නගරාධි පති ධූරයෙන් පහ කරන ලද ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තනතුරක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

නමුත් දැන් අපට වාර්තා වන පරිදි මෙත්සිරි සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සම්බන්ධීකාරක ධූරය වහාම ක්‍රියත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. 

 
ගාල්ල නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින කාලයේදී මෙත්සිරි සිල්වාට විරුද්ධව එල්ලවී තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගයකදී ඔහු ජනාධිපති සම්බන්ධීකාරක ධූරයට පත්කිරිමේ ලිපිය ඉදිරිපත් කර තිබෙනවා

තමන් ජනාධිපති සම්බන්ධීකාරක වරයෙක් ලෙස පත් කර ඇති බවත්, තමා දූෂිතයෙක් නම් එවැනි තනතුරකට ජනාධිපතිවරයා විසින් පත් නොකරනු ඇති බවත් ඔහු අධිකරණයට දැනුම්දී තිබුනා.

මේ සම්බන්ධ තොරතුරු ජනාධිපතිවරයාට අනාවරණය වීමත් සමගින් මෙත්සිරි සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සම්බන්ධීකාරක තනතුර වහාම අත්හිටුවන ලෙස නියෝග කර
තිබෙනවා

තමන් ලබාදුන් පත්වීම් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැරදි නිවරදි කරගැනීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි දෝශාරෝපණයක් කර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මෙත්සිරි සිල්වාට විරුද්ධ නඩු විභාගය පසුගිය සතියේදී ගාල්ල දිසා අධිකරණයේදී පැවති අතර එහිදී ඔහු මෙම ලිපිය ඉදිරිපත් කර තිබෙනවා.

අපගේ පෙර පුවත
වංචා, දූෂණ ඇළු අක‍්‍රමිකතා ගණනාවකට වැරදිකරු වූ දුෂිත නගරාධිපතිට ජනාධිපතිගෙන් තනතුරක්...

0 comments:

Post a Comment