Pages

Subscribe:

Ads 468x60px

සෝනියා දිසාගේ නඩුව බලවන්නට ආයාචනයක්

සෝනියා දිසා විවිධ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ අද ඊයේ නොවෙයි. බොහොම කුඩා කාලයේ පටන්.

තාත්තාගේ අහිමි වීම, ඊටත් පස්සේ අම්මා. තාත්තාගේ ආදරය අහිමි වුණත් අම්මා ඈ ළඟ සිටියා ඈ තමා හමුවේ ආ අභියෝග එකින් එක ජය ගත්තා.

‘ඇත්තටම මේ ගැන ගැන කියන්නත් කනගාටුයි. මට අද ඉන්න හිටින්න තැනක් නෑ. එක්කෝ යාළුවන්ගේ ගෙවල්වල, නැතිනම් හිතවතුන්ගේ ගෙදරකට වෙලා ගෙවන ජීවිතය මට ඇති වෙලා.


ආයෙත් නිවසක් හදන්න මට වත්කමක් නෑ.මගේ නිවස මට අහිමි වෙලා. නිවෙස සම්බන්ධයෙන් විය යුතු සාධාරණය මට ඉටු වුණේ නෑ.දැන් ඒ වෙනුවෙන් නඩුවක් විභාග වෙනවා. ඒ සමථ මණ්ඩලයේ.

රටේ නමගිය දේශපාලනඥයෙක් වුණු කෙනෙක් තමන් කරන වැඩ ගැන ලැජ්ජා විය යුතුයි. මගේ දුක කියන්න මට අද කවුරුවත් නෑ. ජනාධිපති තුමා කලා කරුවන්ට අතදෙන නායකයෙක් කියලා මා දන්නවා.මගේ අවනඩුව මම එතුමාට කියනවා. 


අනේ ජනාධිපතිතුමනි,මට සාධාරණයක් ඉෂ්ට කරන්න. මගේ නඩුව අහලා මට අයිති ගේ මටම ලබා දෙන්න. මම එතුමාගෙන් ආයාචනයක් කරනවා.’ මේ වනවිට චිත්‍රපට සියයකට වඩා සංඛ්‍යාවකට රංගන හැකියාව මුසුකළ සෝනියා චිත්‍රපට නිෂ්පාදනයත් කළා.

‘එදා එහෙම කළත් අද මම චිත්‍රපට නිෂ්පාදනය කරන තත්ත්වයක නෑ. මම හිතන්නේ නෑ මම නැවත ඒ ක්ෂේත්‍රයට පා තබයි කියලා. මේ වෙනකොට මගේ හැම දෙයක්ම නැති වෙලා.ඒ වගේ පසුබිමක කොහොමද මම චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ.'

ඈ විමසන්නේ සිතෙහි තෙරපෙන ශෝකයෙන්. ඇගේ මේරි පිලීෂියා කියන නම වෙනසකට ලක් වෙන්නේ තිස්ස අබේසේකරයන් නිසා. පිලීෂියාව දකින තිස්ස අබේසේකර ඇගේ නමත් වෙනස් කළා.


'සෝනියා’ කියලා වෙනස් කළ නම ඇයට රිදී තිරයේදී වාසනාව ගෙනාවා. අදත් සිනමා රසිකයෝ මාව දන්නේ පිලීෂියා කියලා නම් නොවෙයි. සෝනියා කියලා.

මේ වෙනකොට මම ලංකාවට ඇවිත් ඉන්නේ කියලා බොහොම දෙනෙක් දන්නෙත් නෑ. අධ්‍යක්ෂවරයෙක් කතා කළොත් චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට වුණත් රඟපාන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නේ. බලාපොරොත්තු ගොන්නක් හදවත තුරුලු කරගත් සෝනියා දිසානායක සිය හඬ අවදි කළා

‘මගේ දුවයිල පුතයි දෙන්නාම සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. කරූ නැති වුණාට පස්සේ මා ඔවුන් ළඟට ගියා. ඔවුන්ගේ ආදරය මැද්දේ ගෙවන ජීවිතය බොහොම සුන්දරයි. 


ඒත් මට ඒ දේශගුණය අල්ලන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. දුවත්,පුතත් මම ඒගොල්ලන් ළඟම ඉන්න එකටයි ඒ අය කැමැති. ඒත් මම කැමැති ලංකාවට වෙලා කාලය ගත කරන්නයි.

මගේ යාළු - මිත්‍රාදීන් ඉන්නේ ලංකාවේයි. කාලයක් කලාව සමඟ ගෙවුණු මගේ ජීවිතය මට නිතරම සිහිපත් වෙනවා. කලාවෙන් ඈත් වෙලා මට ඉන්න බැරි තරම්. 


ඊළඟට දිගු කාලයක් මම ලංකාවේම ජීවත් වෙන්නයි සිතාගෙන ඉන්නේ. ඒ ඉන්න කාලයේදී රංගන කටයුතුවල නියැළෙන්නත් මගේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා.

කාලයක් රංගනය තම ජීවිතය කර ගත්ත සෝනියා නැවතත් ඊට පිවිසීමට සිටින්නේ බොහොම කැමැත්තෙන්. ඒ තරමටම රංගනයට ඇය ආදරය කරන වග නම් කාටත් රහසක් නොවෙයි .

5 comments:

Anonymous said...

මොන මගුලක්ද ඕයි....ලමයි ඔට්ටේලියාවේ ඉන්නව කියන්නේ සල්ලිනේ... ගිහින් එහෙ ඉන්න්වකෝ.... වැල ෆිල්ම් හැදුව කියලා හැම එකාම ගෙවල් ඉල්ලන්න ගත්තොත් හොඩට තියෙයි... මම මුලින් හිතුවේ මේකි මේ අන්ත ඩුගී දුප්පත් වෙලා කියලා

Anonymous said...

Kiyala wadak na. Mun okkoma ekai. Hamba karana kaley club gihin joli karala hondata salli viyadam karanawa hariyata heta na wage. Passa bima anunama duka kiya kiya hinga kanawa. Ai yako api palida?

Anonymous said...

දැන්නම් මාලිගාවේ ඇතා උනත් ඔයාට දැනෙන එකක් නෑ නේද

Anonymous said...

what the hell ? you earn money wasted now begging?
ask from your children..
usually our actresses are prostitutes

Anonymous said...

මොන මගුලක්ද ඕයි....ලමයි Australiawe ඉන්නව කියන්නේ සල්ලිනේ... ගිහින් එහෙ ඉන්න්වකෝ.... වැල ෆිල්ම් හැදුව කියලා හැම එකාම ගෙවල් ඉල්ලන්න ගත්තොත් හොඩට තියෙයි... මම මුලින් හිතුවේ මේකි මේ අන්ත ඩුගී දුප්පත් වෙලා කියලා

Post a Comment