Pages

Subscribe:

Ads 468x60px

'සිහින සින්ඩ රෙල්ලා' ටෙලියේ කටවුට් වල සුරාජ් මාපා නොමැති වීමෙන් අවුලක්

සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශයවන 'සිහින සින්ඩරෙල්ලා' ටෙලියේ ප්‍රචාරක පුවරුවල (කටවුට්) සුරාජ් මාපා නොමැති වීමෙන් අවුලක් මතුව ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ස්වාධීන රූපවාහිනී ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ මෙසේ මාපාගේ රුව හැලුන බොරැල්ලේ ප්‍රචාරක පුවරුව අද (24) නැවත මාපාගේ රුව දමා සවිකර ඇති බවයි.

රන්දීප මීඩියා හි නිෂ්පාදනයක් වන සිහින සින්ඩරෙල්ලා චන්දික විජේසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී තිබේ. චමල් ප්‍රබෝධ රත්නායක එහි සහය අධයක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබයි. (චමල්ගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ (23) බවද මේ අතර වාර්තා වේ.)

නිෂ්පාදනය රන්දිප මීඩියා වෙනුවෙන් සුසන්ත විජයගුණරත්න විසින් සිදුකර ඇති අතර එය රන්දිප මීඩියා හි තෙවැනි නිෂ්පාදනය වේ. අසුන් යොදා ගනිමින් අලංකාර කර ඇති මෙම ටෙලි නාට්‍ය තුල පේ‍්‍රක්‍ෂක සිත් සතන් ඇදබැද තබාගැනීමට ගීත ද ඇතුලත් කර තිබේ.

යුරේනි නොෂිකා, පුබුදු ගමගේ, භාග්‍යා ගුරුසිංහ, සුරාජ් මාපා, ගිහාන් ප‍්‍රනාන්දු, නීල් අලස්, සුසන්තා චන්‍දාමාලි, ජනක කුඹුකගේ, රමණි සිරිවර්දන, නෙරංජලා දිල්රුක්‍ෂි, සංජිව දිසානායක, මධුෂාන් නානාක්කාර, පියල් නානායක්කාර, මදුෂාන් හත්ලහවත්ත, රවිනි අනුරාධා, සුගත් ජානක, පියුමි සංකල්යා ඇතුලූ ජනප‍්‍රිය මෙන්ම දක්‍ෂ නළු නිලියන් රැසක් රංගනයෙන් දායකව සිටිති.

දක්‍ෂ තිර රචකයෙකු වන අජිත් මෙන්ඩිස්, සිහින සින්ඩරෙල්ලා හි පිටපතේ අයිතිකරුවාය. මෙහි සංගීත නිරිමාණය චතුරංගන ද සිල්වා විසින් සිදුකර තිබේ.

0 comments:

Post a Comment