Pages

Subscribe:

Ads 468x60px

සාමවිනිසුරු වරුන් සදහා නිකුත් කරන මාසික සාර සංග්‍රහයේ ඔක්තෝබර් කලාපය පිටවුණා

සාම විනිසුරු මාසික සාර සංග්‍රහයේ 2013 ඔක්තෝබර් කලාපය නිකුත් විය. මෙය විහග ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ සාමදාන විනිශ්චය කාරවරුන් සදහා නිකුත් කෙරෙන, ඔවුන් ගේ නිල විෂය ක්ෂේත්‍රයට අදාළ ලිපිවලින් සාමවිනිසුරු මාසික සාර සංග්‍රහය සංගෘහිතය.

මෙම සාර සංග්‍රහය දීප ව්‍යාප්ත, එහි පාඨක සාමාජිකයින් වෙත තැපැල් මගින් යැවේ. මේ වූ කලි සමාජ සුබසාධන කාර්යයකි. 


සාම විනිසුරු මාසික සාර සංග්‍රහයේ කර්තෘ, ප්‍රවීණ ලේඛක ජයන්ත කුමාරසිරි මහතාය. මෙම සාර සංග්‍රහයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ සාමදාන විනිශ්චයකාර වරුන්ට පමණි.

කිසිදු වෙළද දැන්වීමකින් තොරව හුදෙක් සාමවිනිසුරු වරුන් ගේ නිල විෂය ප්‍රවීණත්වය උදෙසාම වූ, ශ්‍රී ලංකාවේ සාමවිනිසුරු වරුන් සදහා නිකුත් කෙරෙන එකම පත්‍රයයි. 


ඔබ නිල විෂය දැනුමෙන් හා සමාන්තර දැනුමෙන් පෝෂණය කරමින් දැයට බුද්ධිමත් සාමවිනිසුරු වරුන් දායාද කිරීම උදෙසා කැප වූ, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාමවිනිසුරු වරුන්ගේ පෙරගමන් කරුවෙකි.

2013 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා නිකුත් වූ කලාප දහයද සමග 2013 වසරේ සියලු කලාප ලබා ගැනීමට කැමති සාමදාන
විනිශ්චයකාර වරුන්, පහත සදහන් අයැදුම්පත සම්පූර්ණ කර විද්‍යුත් තැපෑලෙන් (e-mail) ඒ සදහා අයැදුම් කළ හැකිය. 

සාමවිනිසුරු පත්වීමක් ලබා සිටින නමුත්, රැකියාවකට හෝ වෙනත් හේතුවක් මත දැනට විදේශගතව සිටින අයටද ඒ සදහා අයැදුම් කිරීමට පිළිවන. (දිව්රුම් කොමසාරිස්වරු සහ සාමවිනිසුරු පදවි හොබවන නීතීඥවරු මේ සදහා අයැදුම් නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න)
 

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයට දායක කර ගන්නා ලෙස ඉල්ලීම

01. සාමවිනිසුරුවරයා ගේ නම :-
02. ස්ත්‍රී/පුරුෂ භාවය :-
03. වර්තමාන තැපැල් ලිපිනය :-
04. සාමවිනිසුරුවරයෙකු ලෙස ලියාපදිංචි අංකය :-
      (ඔබගේ නිල මුද්‍රාවේ සදහන් කළ යුතු අංකය)

ඉහත සදහන් අයැදුම්පත සම්පූර්ණකර සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ කතුවරයාගේ පහත සදහන් විද්‍යුත් තැපැල් (e-mail) ලිපිනයට යවන්න.

e-mail : jayanthakumarasirie@gmail.com



- ජයන්ත කුමාරසිරි

0 comments:

Post a Comment